ස්නායු ආබාධ සහිත දරුවන්ගේ පෝෂණය

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් දරුවන්ගෙන් දරුවන්ට වෙනස් වීමට පුළුවන්. 
එතනදී ස්නායු රෝග ආශ්‍රිත දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය නිරෝගී ක්‍රියාශීලි දරුවකුට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ඒ කොහොමද? කියලා වෛද්‍යතුමියගෙන්ම අසා දැනගනිමු. 


දරුවෙකුගේ ස්නායු ආබාධ යනු ?

මස්තිෂ්ක ආඝාතය, අපස්මාරය, ඔටිසම්, අවධානය අඩු අධි ක්‍රියාකාරී  දරුවන්, ජානමය ගැටලු මෙම රෝග ඇති දරුවන් ස්නායු රෝග සහිත දරුවන් ලෙස හඳුන්වයි .

 

මෙවැනි දරුවන්ට මතුවන පෝෂණ ගැටලු ?


මෙම දරුවන්ට මතුවන ප්‍රධාන පෝෂණ ගැටලුව නම් මන්ද පෝෂණය තත්ත්වයයි. 

එතනදි අඩු පෝෂණය, අධිබර, බර අඩු දරුවන්, විටමින් / ඛනිජ ලවණ ඌනතාවයන් . 
වැඩිපුරම දක්ණට ලැබෙන්නේ අඩු බර ඇති දරුවන්ය. 
අඩු පෝෂණයට හේතූව අවශ්‍ය ශක්ති ප්‍රමාණය නොලැබීමයි.

එතනදි වැඩි වෙලාවක් ආහාරය ගැනීම, ආහාර ගැනීමේදී වමනය කිරීම, බෝ වන රෝගයන් වලට ඉක්මනින් ගොදුරුවීම, බුද්ධි වර්ධනය  දුර්වලතා නිසා මෙවැනි පෝෂණ ගැටලු මතුවිය හැකියි.

මෙම දරුවන්ගේ පෝෂණය ගැන සැලකීමේදී ආහාර ගැනීම සහා ගිලීමේ හැකියාව අඩුයි, එම නිසා ආහාර ලබාදීමේදී ආහාර ආමාශයේ සිට නැවත ගලනාලයට පැමිණීමේ හැකියාව, පෙනහළු වලට යාමේ අවධානම ගැන සැළකිලිමත් වීම කළ යුතුයි.

එම නිසා මෙයාලගේ පෝෂණ ගැටලු සඳහා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතුයි. 

එලෙස නොවුනහොත් දීර්ඝකාලීන ඇතිවන මන්ද පෝෂණ හේතුවෙන් නොයෙකුත් සංකූලතාවයන් වගේම මරණයට පවා ළංවිය හැකියි.

නිසි පෝෂණය දරුවන්ගේ කායික, මානසික ක්‍රියාකාරීත්වයට, ලෙඩ රෝග වලින් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය සාධකයකි. 

දරුවාගේ නිවැරදි පෝෂණය ලැබී ඇතැයි නිරීක්ෂණය කළ හැකි සාධක. 

වයසට සරිලන  බර , වයසට අනුව නියමිත උස, උසට සරිලන බර තිබිය යුතුයි. 

එතනදි දරුවාගේ වර්ධන සටහන් පොතේ උස, බර සටහන් කර තබා නිරීක්ෂණය කළ හැකියි. 

පෝෂණ අවශ්‍යතාවය වැඩි දියුණු කළ හැකි ආකාරයන්. 


දරුවාට  දියරමය ආහාර ගැනීමට අපහසුතාවයක් ඇත්නම් එම ආහාර වර්ග වඩාත් උකුවට ලබා දීම කළ යුතුයි.

පෝෂණ ගුණය වැඩි ශක්ති ජනක ආහාර  ලබාදීම වැඩි කළ යුතුයි.

වෛද්‍ය උපදෙස් මත දරුවාට අවශ්‍ය මේදය එකතු කළ යුතුයි. ඒ වගේම ශක්ති ජනක විශේෂිත පෝෂණ අතිරේකයක් ලබා දෙනවා නම් එය වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුතුයි .

කටින් ආහාර දීම අපහසු නම් හෝ දරුවා වෙනස් සංකූලතා වලට ලක්වී ඇත්නම් වෛද්‍ය උපදෙස් මත නාල මගින් ආහාර ලබාදීම කළ යුතුයි. 

මෙම දරුවන්ටත් අනෙකුත් දරුවන් සේම සමබල ලෙස පෝෂ්‍ය පදාර්ථ ඇතුලත් ආහාරයක් ලබාදීම කළ යුතුයි. උදාහරණ විදිහට කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන් වැනි සියලුම  පෝෂ්‍ය සංඝටක අඩංගු ආහාර වේලක් ලබාදීම කළ යුතුයි.


මෙම දරුවන්ට විටමින්, ඛනිජ ලවණ ඌණතා ඇතිවිය හැකි බැවින් වළක්වා ගැනීමද කළ යුතුයි. 

එතනදී යකඩ, සින්ක් මැග්නීසියම් ,කොපර්, කැල්සියම් වගේම විටමින් ඒ, විටමින් බී, විටමින් සී වගේම අත්‍යවශ්‍ය පෝෂකයක් වන විටමින් ඩී ද ලබාදීම කළ යුතුයි. 

විටමින් ඩී ස්වභාවික ලබාගැනීම සූර්යාලෝකයෙන් සිදුවූවත් මෙවැනි දරුවන්ට එය  ස්වභාවිකව නොලැබෙන බැවින් විටමින් ඩී අතිරේකයක් ලෙස ලබාදීම කළ යුතුයි.

මෙවැනි විටමින් වර්ග ආහාරයකින් ලැබීම අඩුවන බැවින් අතිරේක විටමින්  ලබාදීමේදී වෛද්‍ය උපදෙස් මත ලබාදීම කළ යුතුයි.

සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් 
සායනික පෝෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය, පර්ල් මල්ලවාරච්ච්.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment