සුවයට ඔසු

 

උළුක්කුවදි. 

- බැබිල, සුදු ලුණු තැම්බූ ජලය පානය කරන්න. 

- ආලේපය සඳහා මීතෙල්, ලුණු කැට කුඩු කර මිශ්‍ර කර රත් කර ආලේප කරන්න.

කෙණ්ඩ පෙරළීමකදි 

- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. 

- මීට අමතරව තැඹිලි වතුර, ජීවනී පානය සුදුසුයි.

ආලේපය සඳහා,

- එළඟිතෙල්, අබ තෙල්, ලුණු කැට මිශ්‍ර කර රත් කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. 

ඉරුවාරදය සඳහා,

- බෙලි කොළ තැම්බූ වතුරෙන් හුමාලය අල්ලන්න.

සෙම් ගෙඩි සඳහා. 

- ලුණු දිය කළ ජලය, ගම්මිරිස් කුඩු ,තල තෙල් යන සියලු ද්‍රව්‍ය තේ හැඳි එකක් මිශ්‍ර කර මද උණුසුම්ව  තිබියදී, දිනකට තුන් වරක් කට සෝදන්න. 

මල බද්ධය සඳහා

- දිනපතා රාත්‍රී සියඹලා බොර උණු ජලයෙන් පානය කරන්න. 

අර්ශස් ඇති නොවීම සඳහා. 

- කොහිල දලු, රතුළූණු තම්බා ලුණු ,ගම්මිරිස් මිශ්‍ර කර ආහාරයට ගන්න.

මුත්‍රා දාහය  සහ ගෑස්ට්‍රික් සඳහා. 

- බෙලිකොළ , උඳුපියලිය, ඉරමුසු සමව ගෙන තම්බා පානය කරන්න.

හිස්සොරි සඳහා. 

දෙහි ලෙලි, උළුහාල්, කොහොඹ කොළ, ඇත්තෝර තම්බා ස්නානය කරන්න. 

මව් කිරි වර්ධනයට. 

- කිරිහැන්ද වෑංජනයක් ලෙස ආහාරයට එකතු කරගන්න. පොළොස් කැඳ පානය කරන්න.

හිස්සොරි සහ උකුණන් වඳ කිරීමට.

- ගොඩපර ගෙඩියක් තලාගෙන එම යුෂ ගල්වා පැයකට පමණ පසු ස්නානය කරන්න. 

- කොහොඹ මල් අඹරා හිසේ තවරා පැය එක හමාරකින් පමණ පසු ස්නානය කරන්න.

 

හිසකෙස් වැටීම පැලීම වැළැක්වීමට. 

- තිප්පිලි , සහිඳ ලුණු, නිල්ඇවරිය, අරළු සමව ගෙන ලුණු කැඳ වතුරෙන් අඹරා හිස ගල්වා හොඳින් පිරිමදින්න. 

උඳු ගොව්වන් කෑම වැළැක්වීමට.

- මොනර කුඩුම්බිය පුළුස්සා කොහොඹ තෙලින් දිය කර හිස ගල්වන්න. 


දත් කැක්කුම සඳහා,

- ලුණු වතුරට විනාකිරි මිශ්‍ර කර කට සෝදන්න. 


හිසරදය සඳහා, 

- කුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර රෙදි කැබැල්ලක තවරා නළල මත එළන්න. 

 

කන් කැක්කුම සඳහා,

- නික කොළ, සහිඳ ලුණු , සුදු ලූණු කොටා මිරිකාගෙන යුෂ බින්දුවක් කනට දමන්න. (මේ කන් පැස වූ විට කෙරෙන ප්‍රතිකාරයකි).

 

මුහුණේ කුරුළෑවලට ප්‍රතිකාර.

පිරිසිදු කළ කලාඳුරු අලයක් ඇල්දියෙන් ගලගා ආලේප කරන්න.


ආහාර අරුචියට.

- මුරුංගා වෑංජනයක් ලෙස සකස් කර ආහාරයට ගන්න.

 

සටහන- මහේෂානි මීගහපොල.

උපදෙස් 
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී. 
ආයුර්වේද වෛද්‍ය විමුක්ති ද සොයිසා.

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම් Read Previous

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම් Read Next

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

Realted Post

Leave a comment