ළමා හා නව යොවුන් අවධියේදී ගැහැණු දරුවෙකුගේ පියයුරු සෞඛ්‍යය.

ළමා වයස වගේම නව යොවුන් අවධියේදී ගැහැණු දරුවෙකු සිටින මවක් ඇයගේ සිරුරේ සෞඛ්‍ය ගැන හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. එතනදි ඇගේ වයසත් සමග වර්ධනයේදී පියයුරු පිළිබඳ එහි යහපැවැත්ම සෞඛ්‍ය පිළිබඳ අවධානය හොඳින්ම යොමු කළ යුතු කාලයයි. එලෙස ළමා හා නව යොවුන් අවධියේදී මතුවන පියයුරු ගැටලු හා ඒවාට විසඳුම් මොනවාද යන්නයි මේ කතාබහ. 


ළමා අවධියේදී හා නව යොවුන්  අවධියේදී ඇතිවිය හැකි පියයූරු වල සෞඛ්‍ය ගැටලු. 


මෙම අවධියේදී දරුවන් තම මව සමඟ උවත් ලැජ්ජාව බියත් සමග මෙවැනි ගැටලු පවසීමට තරමක් මැලිකමක් දක්වයි. නමුත් ඔබ මවක් ලෙස දරුවාට ආදරයෙන් යහළුවෙක් වගේ සිටීමෙන් මෙවැනි ගැටලු විසඳා ගැනීමට බොහෝ උපකාරී වෙයි.

දැන් බලමු ළමා වියේදී හා නව යොවුන් වියේදී මතුවන පියයුරු ගැටලු මොනවද කියලා.

ෆයිබ්‍රොඇඩිනොමා.

මෙම තත්ත්වය පිළිකා නොවන නමුත් පියයුරුවල මතුවන සරල ගැටිති වර්ගයක්. මෙම ගැටිති ඇතිවීමට හේතුව ලෙස හෝමෝන වෙනස් වීමයි. 


පියයුරු වේදනාව. 

මාසික ඔසප් චක්‍රය ආරම්භය ආසන්නයේදී හෝමෝන ක්‍රියාකාරිත්වය හේතුවෙන් පියයුරුවල බර දැනීම, වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ මතු කරවයි. 


අසමමිතික වර්ධනය. 


එක් පියයුරක් තව පියයුරකට වඩා වේගයෙන් වර්ධනය වීම. මෙය සෞඛ්‍ය ගැටලුවක් නම් නොවේයි. මෙය  වයසත් සමඟ පියයුරු වර්ධනය වී අවසන් වූ විට පියයුරු දෙකම එක සමාන ප්‍රමාණයෙන් වර්ධනය වේ. ඒ නිසා මේ සෞඛ්‍ය ගැටලුව කියා අනිසි බියක් ඇති නොකර ගත යුතුයි .

 

වෙනත් බාහිර ලක්ෂණ. 

පියයුරු සම රතු වීම, තන පුඩුවෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයක් ගැලීම, රුධිරය පිටවීම, සම ඇතුළට නෙරා තිබීම. 


අභ්‍යන්තර ලක්ෂණ. 

පියයුරු ඇතුළත අසුවන තද ගැටිති හා වේදනාව රහිත එහා මෙහා ගමන් කරන වගේම පියයුරු ඇතුළතින් තදින් වේදනාවක්, ඇදෙනවා  වැනි වේදනාවක් දැනෙනවා නම්. 

මෙවැනි බාහිර අභ්‍යන්තර රෝග ලක්ෂණ ගැනත් දරුවාගේ සැළකිලිමත් විය යුතුයි.


පූර්ව පියයුරු වර්ධනය. 


 දරුවාගේ වයස අවුරුදු 08 පෙර සිදුවෙනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න . එයට ප්‍රධාන හේතුවක් වනුයේ හෝමෝන අසමතුලිතතාවයයි. එයට ජානමය හේතු , කෘතිම රසකාරක හෝමෝන අඩංගු කෑම වර්ග එනම් (බොයිලර් කුකුළු මස් වැඩිපුර ලබා ගැනීම , ස්ථූලතාවය) වැනි හේතු බලපායි.

 

ස්වයං පරීක්ෂාව. 

වයස අවුරුදු 16/18  වෙද්දී පියයුරුවල සාමාන්‍ය ස්වභාවය ගැන දරුවාව දැනුවත් කරවීම හා එතනදි යම් ගැටලුවක් දරුවා පෙන්වයි නම් ඒ පිළිබඳ ඔබ ආදරයෙන් විමසා ඒ ගැන  අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම දරුවාගේ මේ කාලය කියන්නේ එකිනෙකට සංසන්දනය වීමට ආසාවෙන් බලන කාලයක්. ඒ නිසා දරුවා තව දරුවෙක් ගේ දිහා බලලා තමන්ගේ අඩුපාඩු ගැන කල්පනා කරයි. නමුත් ඔබ මවක් ලෙස එය ආදරයෙන් පහදා දී එය සෞඛ්‍ය ගැටලුවක් නොවන බවත් එය නවයසත් ස්වභාවයෙන්ම නිවැරදි වන බවත් ආදරයෙන් පවසා දීම කළ යුතුයි. 


පියයුරු සෞඛ්‍ය බව රැකගැනීමට ආහාර හා ජීවන රටාව. 


හිතකර ආහාර ලෙස තන්තු වැඩිපුර අඩංගු ආහාර වන එළවළු කෙසෙල් මුව ,කැකිරි, පිපිඤ්ඤා වගේම ප්‍රතිශක්තිය වඩන ආහාර පළතුරු ලබා ගැනීම කරන්න. 


දරුවාව නිතරම ක්‍රියාශිලි තබන්න. ඒ වගේම ශාරීරික පිරිසුදුකම ගැන දරුවාට කියාදෙන්න. 

යට ඇඳුම් තෝරා ගැනීමේදී. 

නව යොවුන් විය හා ළමා විය කියන්නේ පියයුරු වර්ධනය වන අවධියයි. එතනදි  ලිහිල් නොවන තද නොවනත් පියයුරු වලට ගැළපෙන ලෙස ප්‍රමිති ගත යට ඇඳුම්(බ්‍රා) තෝරාගැනීම වැදගත් වෙනවා.


සරල සෞඛ්‍ය ගැටලුවට ගෙදරදි කරගන්න පුළුවන් අත් බෙහෙත්. 

ඕනෑම අත් බෙහෙතක් කිරීමට පෙර වෛද්‍යවරයෙකු ලවා දරුවාගේ පියවරුවල තිබෙන ගැටලුව හඳුනාගෙන එය පිළිකා නොවන තත්ත්වයක් ලෙස හඳුනාගැනීම සිදුකරන්න. ඒ වගේම දරුවාව මානසිකව යහපත්ව තබා ගැනීමට උනන්දු වන්න. දරුවාව මේ රෝගවලදී බිය නොකරන්න. 


ප්‍රතිකාර වලින් පසු එම ප්‍රදේශය වියලිව හා තද ඇඳුම් භාවිත නොකරන්න. 

 

පියයුරු වේදනාව, ඉදිමුමට. 

රතු ලූනු ,කොහොඹ කොළ, අමු කහ එකට අඹරා මෘදු ලෙස පියුරුවල ආලේප කර පැය භාගයක් තබා සොදා හරින්න 


සරල ගැටිති හා වේදනාවට තෙල් සත්කාරයක්. 


පිරිසුදු එළඟි තෙල් හෝ පිරිසුදු තල දේ ස්වල්පයක් ඩබල් බොයිල් ක්‍රමයට රත් කර තරමක් නිවුණු පසු පියයුරු වටා බාහිරව මෘදු ආලේප කර සම්භානය කරන්න. 


ඖෂධීය පාන. 

සිරුරේ හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට රුධිරය පිරිසුදු කර ගැනීමට උළුහාල් තැම්බු වතුර. කොත්තමල්ලී , වෙනිවැල් ගැට තැම්බු වතුර පානය කරන්න.

සටහන. 

මහේෂානි මීගහපොල.


උපදෙස්. 

ආයුර්වේද වෛද්‍ය. 

තිළිණි අබයරත්න.
නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, මහියංගන ප්‍රාදේශීය සභාව. 

ආදරණීය සිනහවක මතක පමණක් ඉතිරි කළ Naomichan Read Previous

ආදරණීය සිනහවක මතක පමණක් ඉතිරි කළ Naomichan

ගර්භණී සමයේදී විශේෂයෙන් අවශ්‍ය බ්‍රොකොලි Read Next

ගර්භණී සමයේදී විශේෂයෙන් අවශ්‍ය බ්‍රොකොලි

Realted Post

Leave a comment