ෆයිබ්‍රොයිඩ් අහිංසකද?

දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට එම සිහිනය ප්‍රමාදවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන ෆයිබ්‍රොයිඩ් තත්ත්වය පිළිබඳ අපි පසුගිය ලිපියෙන් කතා කළා. මෙවර කතා කරන්නෙත් ඒ ගැන. එහෙත් මෙය බය හිතෙන කතාවක් නම් නොවෙයි.

මෙහිදී කිසිම රෝගී තත්ත්වයක් පෙනෙන්නට නැත්නම් අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ. විශේෂයෙන් දරු පිළිසිඳ ගැනීමක්, ප්‍රමාද වීමක්, ගර්භාශ ආශ්‍රිත වේදනා තත්ත්වයක් නැත්නම් ඒවා ඉවත් කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

මෙම රෝගී අවස්ථාව දරුණුතම අවස්ථාවක් බවට පත්වුව හොත් එහිදී මෙය ශල්‍යකර්මයකින් ඉවත්කරනවා. එවැනි අවස්ථාවක සැත්කම කරනු ලබන්නේ ඉතාම පරෙස්සමින් හා සියුම්වයි. විශේෂයෙන් ගර්භාශයේ සිදු කරන ඕනෑම සැත්කමක් සිදු කරන්නේ ඉතාම සියුම් ලෙසයි. එහිදී දරු පිළිසිඳ ගැනීමකට සහ දරු ගැබ වර්ධනයට බාධාවක් නොවෙන්න ඉතාම සූක්ෂමව මෙම සැත්කම් සිදු කරනු ලබනවා. මේ අතර ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ කාන්තාවක් නම් උදරය විවෘතනොකර සිදුකරන ශල්‍යකර්මයකට යොමු කරනවා. එසේ සිදු කිරීමෙන් සැත්කමින් පසුව ඇතිවන වේදනාව සහ ගර්භාශය ඇතුළතට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.

වයස අවුරුදු 45ට වැඩි, දරුවන් අපේක්ෂා නොකරන කාන්තාවකට මෙම තත්ත්වය ඇති වී තිබේ නම් බොහෝ විට ෆයිබ්‍රොයිඩ් ගෙඩිය සමග ගර්භාශයද ඉවත් කරනවා. එලෙස එකවර ඉවත් කිරීමෙන් නැවත නැවත සැත්කම් කරමින් ගෙඩි ඉවත් කිරීමට සිදුවන්නේ නැහැ.


උපදෙස් ප්‍රසව හා නාර්වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්

සටහන නයනා උදයංගනී 

බිත්තර ඩිමෙන්ෂියා අවදානම අඩු කරනවා ද ? නව අධ්‍යයන හෙළිදරව්වක් Read Previous

බිත්තර ඩිමෙන්ෂියා අවදානම අඩු කරනවා ද ? නව අධ්‍යයන හෙළිදරව්වක්

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න Read Next

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න

Realted Post

Leave a comment