Fatty Liver පාලනයට උපකාරී වන ආහාර
වර්තමානයේ ලොව පුරා බහුලව දක්නට ලැබෙන සෞඛ්‍ය ගැටලුවක් වන්නේ අක්මාවේ මේදය තැන්පත් වීම හෙවත් "Fatty Liver Disease" තත්ත්වයයි. අධික බර, අක්‍රිය ජීවන රටාව, අධික මේද සහිත ආහාර පරිභෝජනය සහ දියවැඩියාව වැනි හේතු නිසා මෙම රෝගී තත්ත්වය ඇති විය හැක.

වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ අක්මාවේ සමස්ත බරෙන් සියයට 5ත් 10ත් අතර ප්‍රමාණයකට වඩා මේදය තැන්පත් වුවහොත් එය "Fatty Liver" ලෙස සැලකෙන බවයි. මෙම තත්ත්වය දිගුකාලීනව පැවතුණහොත් අක්මාවේ දැවිල්ල, තන්තුමය වෙනස්කම් (Fibrosis) සහ අක්මාව අකර්මණ්‍ය වීම දක්වා වර්ධනය විය හැක.
කෙසේ වෙතත්, නිවැරදි ආහාර රටාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් මෙම තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය කර ගත හැකි බව විශේෂඥයෝ පවසති.
කහ (Turmeric)
කහවල අඩංගු කර්කුමින් (Curcumin) සංයෝගය අක්මාවේ මේදය එකතු වීම අවම කිරීමට සහ මේද පරිවෘත්තීය ක්‍රියාවලිය වර්ධනය කිරීමට උපකාරී වේ. එමෙන්ම එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි.
දෙහි (Lime)
දෙහි විටමින් C වලින් පොහොසත් වන අතර එය අක්මාව තුළ ග්ලූටතයෝන් (Glutathione) නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වේ. ග්ලූටතයෝන් යනු ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සංයෝගයකි. දෙහිවල අඩංගු නරින්ජෙනින් (Naringenin) සංයෝගය අක්මාවේ දැවිල්ල අඩු කිරීමට ද උපකාරී වේ.
ඇපල් සයිඩර් විනාකිරි (Apple Cider Vinegar)
ස්වාභාවික සෞඛ්‍ය පානයක් ලෙස ජනප්‍රිය ඇපල් සයිඩර් විනාකිරි බර අඩු කර ගැනීමට සහ අක්මාවේ මේදය තැන්පත් වීම අවම කිරීමට උපකාරී විය හැකි බව අධ්‍යයන කිහිපයකින් පෙන්වා දී ඇත.
ග්‍රීන් ටී (Green Tea)
හරිත තේ ප්‍රතිඔක්සිකාරක සහ පෝෂක සංයෝග රැසකින් සමන්විතය. එය ශරීරයේ මේද දහනය වර්ධනය කිරීමට සහ විශේෂයෙන්ම මත්පැන් නොවන මේද අක්මා රෝගය (NAFLD) ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී විය හැක.
ඩැන්ඩිලියන් (Dandelion)
සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලදී අක්මාව ශක්තිමත් කරන ඖෂධීය ශාකයක් ලෙස ඩැන්ඩිලියන් භාවිතා කරයි. එය මේදය බිඳ හෙලීමේ ක්‍රියාවලියට සහ අක්මාවේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීමට උපකාරී වන බව විශ්වාස කෙරේ.
පැපොල් (Papaya)
පැපොල් සහ එහි බීජ අක්මාවේ හානි වූ පටක යථා තත්ත්වයට පත් කිරීමට සහ අක්මාවේ තැන්පත් වී ඇති මේදය දහනය කිරීමට උපකාරී විය හැකි බව ඇතැම් පර්යේෂණ පෙන්වා දෙයි. එම නිසා Fatty Liver රෝගීන් සඳහා ප්‍රයෝජනවත් ආහාරයක් ලෙස සැලකේ.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ ආහාර පමණක් නොව ජීවන රටාවේ වෙනස්කම්ද අත්‍යවශ්‍ය බවයි. සිරුරේ බර පාලනය කර ගැනීම, අධික මේද සහිත ආහාර අවම කිරීම, සීනි සහ සැකසූ ආහාර පරිභෝජනය සීමා කිරීම, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් භාවිතය අවම කිරීම හෝ සම්පූර්ණයෙන් නතර කිරීම, වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම
Fatty Liver රෝගයට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක ඔබේ ජිවිතයේ කොටසක් කර ගන්න. රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය උපදෙස්, බර පාලනය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අත්‍යවශ්‍ය වේ. එම නිසා මේවා ඔබේ වෛද්‍ය උපදෙස් අනුව ලබා ගත යුතුය.

Leave a comment