අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

වෙසක් උත්සවය අත ළඟටම ඇවිල්ලා ලොකු, කුඩා භේදයන් තොරව වෙසක් සමරන්න හරිම උද්යෝගයෙන් තමයි ඇඟිලි ගනිමින් ඉන්නේ. 

මේ කාලයේදී නොදැනුවත්වම වගේම අඩු නොසැලකිලිමත් හේතුවෙන් අනතුරු වීම ස්වභාවිකයි. නමුත් සිදුවෙන්න යන අනතුරු වළක්වා ගැනීමට වගබලා ගැනීම ඔබ සතුයි. 
එවැනි සිදුවිය හැකි අනතුරු සහ ඒවා වළක්වා ගන්න නිසි පියවර ගන්නේ කෙසේද කියලා වෛද්‍යතුමාගේම විමසා බලමු. 

වෙසක් කාලය කියන්නේ ආලෝකය, දන්සල්, තොරණ් ,සතුට මේ සියල්ලම එක්තැන් වූ සුන්දර කාල පරිච්ඡේදයක්. ඒ නිසාම ගිනිදැල්, විදුලිබලය සහ පිරිස එක්තැන් වෙමින් ඇතිවන තදබදය වැඩිවීම හේතුවෙන් සමහර විට ඔබ හෝ ඔබේ පවුලේ කාට හෝ අනතුරක් සිදුවීමට පුළුවන්. 

එතනදි විශේෂයෙන් ඔබේ කුඩා දඟමලූ ටික පරිස්සමින් තබා ගනිමින් කටයුතු කළ යුතු දින කිහිපයකි. 

දරුවන් විතරක් නොවේ වැඩිහිටියන් පවා අනතුරු සිදුකර ගනිමින් රෝහල්වෙත එන කාලයක් තමයි මේ.  අනතුරු වලට ප්‍රධානම හේතුවක් වනුයේ අඩු සැලකිල්ල සහ දෙවරක්, තුන්වරක් නොසිතා කාර්යයන් කිරීම හේතුවෙනි.

විශේෂයෙන් පුංචි දරුවන් අයියලා, අක්කලා, අම්මලා ,තාත්තලා එක්ක මේ කටයුතුවලට සහභාගි වෙන්නේ  කැමැත්තෙන් වගේම එයාලත් පියවරෙන් පියවර අත්දැකීම් ලබාගන්නේ මේ වැනි දෑ ඉගෙන ගැනීමෙනි. 

ඒ වයසෙදි අනේ ඔයාලා එන්න එපා වැඩ වැඩි වෙනවා අනතුරක් කර ගත්තොත් කාට කියන්නද යන පොදු වචන ටික නවත්තලා එයාලටත් පුළුවන් වැඩ දීලා ඒ අත්දැකීම් ලබාගන්න ඉඩ දෙන ගමන් ඔබේ ඇස් මානේ සිට දරුවන් කරන දේවල් ගැන අවධානය සිටින්න එවිට අනතුරු බොහොමයක් වළක්වා ගන්න පුළුවන්. 

වෙසක් කාලයේදී සිදුවන අනතුරු

වෙසක් කාලයේ දී බහුලව දැකිය හැකි අනතුරු ලෙස ගින්දර නිසා පිළිස්සීම හඳුනා ගන්න පුළුවන්. ඉටිපන්දම්, ලාම්පු වැනි දෑ භාවිත කරමින්  කූඩු, බකට් පත්තු කරද්දී ඒවා ඇඳුමට වැටී හෝ සිරුරට ගැටි ගිනි ඇවිළීමෙන් එහෙම නැත්නම් රත් වූ තෙල් සිරුරට වැටී පිළිසුණු තුවාල , ගිණි කෙළි සමඟ සෙල්ලම් කිරීමට යෑමෙන් සිදුවන්න තුවාල බහුලයි.

මැයි මාසය කියන්නේ හොඳින් වැසි සක්‍රිය වූ කාලයක්. එබැවින් විදුලි ආශ්‍රිත අනතුරු බොහොම වැඩියි. 

තොරණ් , වෙසක් කූඩුවල බල්බ් වැල් ,වයර් වැනි දෑ එක්ක සිදුකරන ගනුදෙනුව ද බහුලයි. 
එතනදි විදුලි සැර වැදීම, විදුලිසර නිසා සිදුවන පිළිස්සුණු තුවාල , මරණය පවා සිදුවීමේ අවදානමක් පවතිනවා. 


විශේෂයෙන් තරුණ දරුවන් මෙම වයර් ගෙදර කොහේ හරි තිබිලා නැවත ගෙනත් ඒවා සවුත්තු වෙලා සමහර වෙලාවට ඒව එච්චර ගණන් ගන්නේ නැතුව සෙලෝටෙප්  වැනි දෑ වලින් ආවරණය කර නැවත භාවිත කරනවා . එතනදිත් විදුලිසැර වැදී අනතුරු ඉහළ යාමේ හැකියාව තියෙනවා. 

තෙතමනය සහිත අත්වලින් විදුලිය භාවිත කිරීමට යාම විදුලි සැර වැදීම, අකුණු ගසන අවස්ථාවලදී එතරම් එය ගණන් නොගෙන සිටීම නිසා අනතුර සිදුවීමය සම්භාවිතාව ඉහළයි. 

දන්සල් ,තොරණ් නරඹන්න යන්නේ සමහරවිට ඔබ පවුලේ අය හෝ යාළුවො සමග වෙන්න පුළුවන් මේ කාලයේදී මාර්ගයේ වාහන තදබදය වැඩිවීම සමහරවිට වැස්ස නිසා පාරවල් තෙමිලා තිබෙන්න පුළුවන්, ඒ වගේම තරුණ දරුවන් හිතූමනාපෙට ඔහේ බීමතකමින් හෝ යාළුවන් සමග සංචාරයේ යෙදෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරුවන් සමඟ පාරේ ගමන් කිරීමේදි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.


වැසි සමයේදී වෛරස් ආසාදන වලට කුඩා දරුවන් ඉක්මණින් ගොදුරුවීමේ  අවදානමක් පවතිනවා. 
ඒ වගේම මේ කාලයේදී වැස්සත් සමග  හිස ඔසවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි බවක් දක්වනවා. දන්සල්, තොරණ් වල භාවිත කරන අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් නොකිරීම නිසා සෞඛ්‍ය හා පරිසරක ගැටළුත් මතු වෙන්න පුළුවන්. 

ඒ වගේමයි වෙසක් කූඩු සැරසිලි සාදන්න ගිහින් පුංචි දරුවන් සිදුවන තුවාල අනතුරු. ඉරටු, උණ පතුරු සමග ගනුදෙනු කරන නිසා   ඉක්මණින් තුවාල වීම, ඇස් වලට ඉරටු වැදි හානි වීම එවැනි අවදානමක් තියෙනවා.

 

අනතුරුව වළකා වෙසඟ සිරි සතුටින් සමරන්න උපදෙස්. 


වෙසක් සිරි සතුට දරුවන්ට විඳින ගමන් එයාලගේ නිර්මාණශීලී බවට ඉඩ හරිමින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහතිකය ගොඩනගා ගැනීමෙන් ඔබටත් දරුවාටත් සිදුවන අනතුරු බොහොමයක් වළක්වා ගැනීමට පුළුවන් වෙනවා.


වෙසක් කුඩු නිර්මාණයදී බටපතුරු, ඉරටු කපන තැන සිට කූඩුව හදන තැන දක්වා එයාලා සමග මිත්‍රශීලී වෙමින් ප්‍රවේශමෙන් කාලය ගත කරන අතරතුර ඔවුන්වත් දැනුවත් කරමින් ඒ වැඩ ගැන ඔබත් අවධානය යොමු කරවමින් සිටින්න. එවිට අනතුරක් නොවීමට වගබලා හැකියාව ඉහළයි. 


ඒ වගේම විදුලිය සමඟ ගනුදෙනුවේදී විදුලි අනතුරු වළක්වා ගන්න පලපුරුදු විදුලි කාර්මිකගේ සහය ලබාගන්න. ඒ වගේම ගුණාත්මක බවෙන් යුතු විදුලි උපාංග භාවිත කරන්න. 
තෙත සහිත අත් වලින් විදුලිය ඇල්ලීම සිදු නොකරන්න. විදුලි සැර, වැස්ස සැර කාලගුණයක් පවතින වෙලාවට විදුලි ආශ්‍රිත වැඩ සිදු කරන්න යන්නත් එපා. 


විදුලිසැර වැදීමකදී කලබල නොවී ප්‍රධාන පරිපථය විසන්ධි කර ආරක්ෂිතව ඔහු ප්‍රවේශමෙන් ඉවතට ගෙන වාතාශ්‍රය ලැබීමට සලස්වා සිහිය තිබේදැයි, හුස්ම ගන්නවාදැයි අවධානයේ සිට රෝහලට ගෙන යාමේදී එක ඇලයකට හරවා ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකා සඳහා යොමු කරවන්න. 


ඒ වගේම උස් ස්ථානවල නැගීම, එවැනි තැන්වල සිට වැඩකිරීමෙදී හිතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම සිදු කරන්න. 


මේ කාලේ කියන්නේ දන්සල් වැඩි කාලයක් වුවත් ඒවා මිනිසුන්ට ලබා දීමේදී සෞඛ්‍ය ආරක්ෂිතව හොඳ ආහාර පාන ලබා දීමට වග බලා ගන්න. ඒ වගේම දස්සන්වල  අප ද්‍රව්‍ය, කැළිකසල නිවැරදි ලෙස ඉවත් කරන්නත් වගබලා ගන්න. එයින් සෞඛ්‍ය ආරක්ෂිත වගේම  පරිසරයද සුරක්ෂිතව තබා ගැනීමෙන් ලෙඩ රෝග බෝවීමේ අවධානම වළක්වා ගන්න පුළුවන්. 


රිය පැදවීමේදී ෆෝන්  කනේ ගහගෙන ඔබ රිය පැදවීම නොකළ යුතුයි, පාරේ පැනීමේදී දරුවන් සමග සැලකිලිමත්ව පාරේ ගමන් කිරීම වැනි දෑ වලින් මහා මාර්ග අනතුරු වළක්වා ගන්න පුළුවන්.

 

ඒ වගේම වෙසක් සමයේ පවුලේ සාමාජිකයන් සමඟ සංචාරය කරන්න යන අවස්ථාවල් තියෙනවා. එතනදි ලිස්සන ස්ථාන, අනතුරු ස්ථානවල , නෑ මට එපා කියන ස්ථානවල වැනි ස්ථානවලින් දරුවන් වගේම ඔබගේ ආරක්ෂාවත් ගැනත් අවධානය යොමු කරන්න. 


වයිරස්, බැක්ටීරිය ආසාදනයන් 
වර්ධන වේගයෙන් වැඩි වීම හේතුවෙන් දරුවන්ටත් ඔබත් තදබද වැඩි ස්ථානවල  ගමන් යාමයේදී මුඛ ආවරණයක් පැළඳීම යහපත්.


ගින්දර නිසා පිලිසීම් සිදුවුවහොත් රෝහල වෙත ගෙනියන තෙක් පිළිස්සුණු ස්ථානය ගලායන ජලයෙන් විනාඩි 20 ක් පමණ සෝදා රෝහල වෙත ගෙනයන්න. නමුත් ඔබ බටර් , කොළ දළු වර්ග, ටූත් පේස් වැනි අත් බෙහෙත් සිදු කරන්න යන්න එපා. 
ඒ වගේම ඇඳුම් ඇඟට ඇලී තිබේ නම් ඒවා බලෙන් ඉවත් කිරීම සිදු නොකරන්න. වහාම රෝහලක ට

ඉක්මණින් ගෙනයන්න උත්සුක වෙන්න. 

ඔබත් ඔබේ දරුවාත් සිහි බුද්ධියෙන් දැනුවත්ව කටයුතු කිරීමෙන්  ඔබේ නොසැලකිලිමත්කම හේතුවෙන්  සිදුවන අනතුරු වළක්වා වෙසක්  සිරි සතුට සඳහා අමරණීය කරවා ගත හැකියි.


සටහන
මහේෂානි මීගහපොල


උපදෙස් 

වෛද්‍ය ප්‍රසංජය ප්‍රමෝදිත්
සහකාර අධිකරණ
වෛද්‍ය නිලධාරී
මීගමුව මහ රෝහල

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Previous

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි Read Next

අනුරාධපුර සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

Realted Post

Leave a comment