එක එක අසනීපවලට අත් බෙහෙත්

සෙම ගතිය වැඩි වූ විට

ඉඟුරු කොත්තමල්ලි, තිප්පිලි, ගම්මිරිස්, පාවට්ට දලු තම්බා සීනි දමා උදේ සවස පිරිස කෝප්ප භාගයක් පානය කරන්න

උගුරු බැරැන්ඩියට

වැල්මී කැබැල්ලක යුෂ තේ හැඳි භාගයක් උදේට පානය කරන්න

සෙම්ප්‍රතිශ්‍යව සමග අතපය සන්ධි වේදනාවට

වෙනිවැල් ගැට, හීන් අරත්න, ඉඟුරු කොත්තමල්ලි කටුවැල් බටු තම්බා සීනි දමා බොන්න

සිරුරේ දැවිල්ල සමග පිපාසය සහිත උණට

රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි, තම්බා සීනි දමා බොන්න

දත් මුල් වේදනාවට

නික පොතු, නික කොළ තම්බා උදේ සවස කට සෝදන්න.

දත් කැක්කුමට (තාවකාලික වේදනා සමනයට)

ලුණු සහ විනාකිරි මිශ්‍ර කොට සෝදන්න

අළු හම්වලට

ඇත්තෝර පේර කොළ, අමු කහ දමා අඹරා අළුහම් වල ආලේප කරන්න.

තොල් පැළී මුඛයේ තුවාල වලට

සමන් පිච්ච කොළ තම්බා මී පැණි එකතු කර සෝදන්න.

 

අදහස් දැක්වීම - ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත

සටහන - මහේෂානි මීගහපොළ 

වසර 7කට පෙර මහා කැලයක්ව තිබූ උතුරෙ සපුමල්ගස්කඩ විහාරයේ අසිරිමත් අවස්තාවක් Read Previous

වසර 7කට පෙර මහා කැලයක්ව තිබූ උතුරෙ සපුමල්ගස්කඩ විහාරයේ අසිරිමත් අවස්තාවක්

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය. Read Next

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය.

Realted Post

Leave a comment