එකම වැඩේ නැවත නැවත කරන්න හිතෙන ලෙඩේ

යොහාන්ගේ බිරිඳ රජයේ පාසලක ගුරුවරියකි. යොහාන් එම පාසැලේම විදුහල්පතිවරයා ය. යොහාන්ගේ බිරිඳ එසේත් නැතිනම් නයෝමි ඒ පාසැලේ සිටි ගුරුවරියන් අතරින් රූමත්ම කාන්තාවයි. නයෝමි කුඩා කල සිටම අධ්‍යාපනයට මැළි බවක් තිබූ බව ඇයගේ මවුපියන් නිතරම යොහාන්ට පවසා තිබෙනවා. පාසලේ විභාග  කිරීමේදී ද ඇය වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. නමුත් ඇය අධ්‍යාපනය පැත්තෙන් දුර්වල කෙනෙක් නෙවෙයි.

උසස් පෙළ හදාරද්දි මේ දෙදෙනා ප්‍රේම සබඳතාව පටන් අරගෙන තියෙනවා. විශ්ව විද්‍යාල වරම් ලබා උපාධිය සාර්ථකව නිම කළ පසු ඔවුන් දෙදෙනා විවාහ වෙලා තියෙනවා.
නමුත්, නයෝමිට එක වැඩක් දෙවරක් කිරීම දැන් පුරුද්දක් වෙලා. ඒ ගැන නිතරම මැසිවිලි නයෝමිගෙ සැමියාට කියන්න ඔහුගේ මවත් පුරුදු වෙලා.
නයෝමි ගෙදරින් පිට වෙද්දී දෙතුන් වරක් ගේ දොර අගු‌ළු දාලද බලනවා.
සැමියා කෑම ගත්තට පස්සේ නැවත නැවතත් ඔයා කෑව නේද? කියලා අහනවා. මේ තත්ත්වය ඉවසන්න බැරි තැන යොහාන් නයෝමි සමග ආරවුල් ඇති කරගන්නත් පටන් ගත්තා.
පසුව යොහාන් තීරණය කර තිබුණා. මනෝ උපදේශනයට ඇයව යොමු කරන්න. එහිදී මනෝ  උපදේශකවරයා ඇය මොහොතකට මෝහන මුද්‍රාවට පත් කළ අතර ඇය මෝහන නිද්‍රාවේ සිටියදීම  ඇයගෙන් ප්‍රශ්න කරන්නට වුණා.
උපදේශක  -  ඔබ ඇයි නැවත නැවත එකම ක්‍රියාවේ යෙදෙන්න?
නයෝමි - මම පොඩිකාලේ ඉඳලම ඒ හැසිරීම තියෙනවා.
උපදේශක -  ඒ හැසිරීම කීවේ.
නයෝමි - මට බයයි මම දෙයක් කළාට පස්සේ ඒ දේ හරියට කළාද කියලා. සැකයක් ඇතිවෙනවා.
උපදේශක- මේ බය ඔයාට ඇති වුණේ කවදද
නයෝමි -  මම සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල ආවට පස්සෙ. මම බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය තිබුණෙ නැහැ. අම්මලත් මට බැන්නා. මට උසස් පෙළ කරන්න ලකුණු ඇති වුණා. ඒත් අම්මලා කියපු දේවල් වගේම සාමාන්‍ය පෙළ පේපර් මතක් වෙවි බය හිතෙන්න ගත්තා. එදායින් පස්සේ මම හැමවැඩක්ම කරලා හරිද කියලා නැවත බලනවා. මම බයයි නැවත අර වැරැද්ද  සිදුවෙයි කියලා.
ඉන්පසු  මනෝ උපදේශකවරයා  ඇයගේ සිතේ තිබූ බය මෝහන නිද්‍රාවෙන්ම ඉවත් කරලා මනෝප්‍රතිකාර ලබා දුන්නා.
ඇය හසුව සිටියේ OCD නම් අක්‍රමිකතාවටයි. මෙම තත්ත්වය මනෝවිද්‍යාවේ දී හඳුනාගන්නෙ ග්‍රස්ථීය අනිවාර්යතා අක්‍රමිකතාව ලෙසයි. එහිදී සිදුවන්නේ මෙය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය යන හැඟීම සිතට ඒමයි.
මනෝ උපදේශකවරයා විසින් ඇයට සරල සංයම අභ්‍යාස සහ ප්‍රජානත චර්යා හැඩගැස්වීම සිදු කළා. ඉතා සරල මනෝ ප්‍රතිකාරවලින් සුව කළ හැකි මෙවැනි මානසික ගැටලු  දුරදිග ගෙනයාමෙන්  සිදුවන්නේ පවුල් ජිවිතයට අනවශ්‍ය ගැටලු ඇතුළුවීමයි. යොහාන් ඇය මනෝ ප්‍රතිකාර සඳහා යොමු නොකළා නම් ඔවුන්ගේ පවුල් ජිවිතය දෙදරා යාමට වුව නයෝමිගේ තත්ත්වය බලපාන්න තිබුණා.
 

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Previous

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Next

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

Realted Post

Leave a comment