කෑවේ නැත්නම් රෑට නින්ද යන්නෙ නැත්ද?

වර්තමාන සමාජය තුළ යම් යම් මතයන් තියනවා රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් ක්‍රමයන් අනුගමනය කරන්න. සමහරු ආහාර පාලනය කරනවා කියලා රාත්‍රී ආහාරය නොගෙන ඉන්න. නැත්නම් තවත් පිරිසක් ආහාර තමුන්ගේ හිතුමනාපේට සීමා කරනවා. එහෙමත් නැත්නම් තුන්වේලම හොඳට කන්න ඕනි. නැත්නම් රෑට නින්ද යන්නැහැ උදේට ඇඟට හරි නැහැ. පණ නෑ වගේ කියලා හොඳට රෑට කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා. 

හැබැයි මේ සියලු ක්‍රමයන් අනුගමනය කිරීම නිවැරදි ද නැත්නම් ඒ සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත නිරෝගී සුවය උදෙසා රාත්‍රී ආහාරය ගන්නා අයුරු කොහොමද කියලා කතා කරන්න හිතුවා. 

වර්තමාන සමාජය තුළ රාත්‍රී ආහාරය ගැනීම ගැන විවිධ මත වගේම විවිධ ක්‍රම අනුගමනය කරනවා. නැත්නම් රාත්‍රී ආහාරය නොගෙන ඉන්න පිරිසකුත් අප සමාජය තුළ ඉන්නවා. වෛද්‍ය විද්‍යාත්මකව ඒ ක්‍රම සුදුසු ද ? 
අපේ අත්දැකීම නම් බහුතරයක් අය විශේෂයෙන් ආහාර ගැන සැලකිලිමත් වන අය, ආහාර පාලනය නොකරන අය ගොඩාක් කරන්නේ රැට කන එක. ඉතිං අපි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම සෞඛ්‍යමත් ආහාර රටාව ගැන කතා කරද්දී කියන්නේ සුළු ආහාර වේලක් රැට ගන්න ක්‍රමයට දවස සකස් කර ගන්න කියලා. ඒක අපසු කරන්න නෙමේ. තමන්ගේ උදය ආහාර වේල දවල් ආහාර වේල අතරමැද ආහාර වේල වගේ ඒවා හරි විදියට අර ගැනීමෙන් තමන්ට රාත්‍රීයට ලොකු බඩගින්නක් එන එක අඩු කරගන්න පුළුවන්. 

දැන් රාත්‍රී ආහාර වේල කියන එක ජෛව විද්‍යාත්මක වශයෙන් සිරුරට වැදගත් කෑම වේලක් නොවේ. ජෛව විද්‍යාත්මක වශයෙන් සිරුරට වැදගත් වෙන්නේ සිරුර ක්‍රියාශීලි වන වේලාවේ දී අවශ්‍ය වන ශක්තිය ජවය සපයන්න. අපි නිදාගන්න යනකොට ලොකු කෑම වේලක් ගැනීම කිසිම තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ සිරුරේ බර වැඩි කර ගන්න හේු වෙනවා විතරයි. ඒ නිසා රාත්‍රී ආහාර වේල සුළු කර ගැනීම තමයි අවශ්‍යය. 

උදාහරණයක් වශයෙන් ගත්තොත් බෞද්ධ ස්වාමීන් වහන්සේලා එහෙම රාත්‍රීයට දානය වළදන්නැහැනේ. ඒක එයාලගේ සම්ප්‍රදායක්. ඒවා තුළිනුත් නිරෝගීත්වය, නීරෝගී වෙන්න හොඳම ක්‍රමයක්. 

අනිත් පැත්තට තියන දෙය තමයි රාත්‍රී ආහාරවේල නොගෙන හිටියොත් එහෙම රැකියාවට යන වගේම පීඩන වලට මුහුණපාන අයට බඩේ ග්‍රැස්ට්‍රික් අම්ලය ගොඩාක් එකතු වෙලා තියෙන්නේ. රාත්‍රී ආහාරය නොගෙන බර අඩු කරන්න කියලා හිතාගෙන හෝ එහෙම දේවල් කරොත් වෙන්නේ ග්‍රැස්ට්‍රික් අම්ලය වැඩිවීම නිසා වන ග්‍රැස්ට්‍රික් තත්වය ආහාර මාර්ග ඇතිවන ගැටලු සමුදායකට පසුකාලීනව රාත්‍රී ආහාරය නොගෙන ඉන්න කාලය ආසන්නව නොවේ. අවුරුද්දක් දෙකක් ගියාම පසු ඒ තත්ත්වය එන්න පුළුවන්. ඒ නිසාම රාත්‍රීයට හොඳම දේ තමයි බත්/ඉඳි ආප්ප කනවා නම් පොඩි ප්‍රමාණයක් තමයි ගැනීම කරන්න ඕනී. 

බත් අඩු කෝප්පයක්, ඉඳි ආප්ප කනවා නම් ඉඳි ආප්ප 05 ක් වගේ ප්‍රමාණයක්. එළවළු වැඩි ප්‍රමාණයක් ගන්න ක්‍රමයක් විදියට බත් නොකැවත් එළවළු තම්බලා නැත්නම් එළවළු සුප් වැනි දෙයක් භාවිත කිරීම. ඒ තුළින් බඩේ ග්‍රැස්ට්‍රික් අම්ල ස්වභාවය නිවා ගනන එක. 

නමුත් ඉතිං අපි පුරුදු වෙලා ඉන්න ක්‍රමයට අනුව ඉඳි ආප්ප 05 ක්/ බත් අඩු කෝප්පයක්, රොටියක් වගේ දෙයක් ගැළපෙනවා. අපි හිතමු ඉඳි ආප්ප කන කෙනෙක්ට නම් බිත්තර හොද්දක් / මාලු කෑල්ලක් මිශ්‍ර හොද්දක් සමඟ ගන්න පුළුවන්. 
නැත්නම් එළවළු ටිකක් එකතු කරලා සැලඩ් එකක් විදියට ගන්න පුළුවන්. සුප් එකක් විදියට එළවළු ටිකක් ගන්න පුළුවන්. එය හොඳටම ගැළපෙනවා. 

උපදෙස් - කොළඹ ජාතික රෝහලෙහි පෝෂණවේදී , ඩී.එච්. ලියනගේ මහතා 
සටහන - මහේෂානී මීගහපොල

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Previous

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Next

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

Realted Post

Leave a comment