කුෂ්ඨ රෝග හදා ගන්නේ නැතුව ඉමුද?

වැළඳීමට හේතු -

  • කංකුන්, බිත්තර වැනි ආහාර එකට ගැනීම
  • පමණට වැඩියෙන් ආහාරපාන ගැනීම
  • අධික ව්‍යායාමය 
  • අධික ගිනි රස්නය හා අව් රස්නය නිසා සිරුර තැවීමට ලක්වීම
  • තද ශීත හා තද උෂ්ණ දේ අධිකව ආහාරයට ගැනීම
  • බාගෙට තැම්බූ බත්, අල වර්ග ආහාරයට ගැනීම
  • කෑම දිරවන්නට පෙර යළිත් ආහාර ගැනීම
  • මුදවාපු කිරි, නරක් වූ මාළු ආහාරය ගැනීම
  • ඇඹුල්, ලුණු අධිකව ගැනීම
  • වැරදි කාම සේවනය

නුසුදුසු ආහාර -

ඉස්සො, දැල්ලො, හුරුල්ලො, බලයා, කෙළවල්ලා, කූනිස්සෝ,  අන්නාසි, තක්කාලි, රඹුටන්, දූරියන්, ගඩුගුඩා, ලොවි, මුරුංගා, ගෝවා, බීට්, හතු, දෙල්

සුදුසු ආහාර -

කොත්තමල්ලි, පත්පාඩගම්, පොල්පලා, නීරමුල්ලි, බෙහෙත් නෙල්ලි, රසකිඳ, රත් හඳුන් කුඩු, කොහොඹ පොතු කැබලි කිහිපයක් ආදිය තම්බා පානය කිරීම. 

කොහොඹ කොළ කිහිපයක් කපා ආහාරය ගැනීම.

නිවසේ දී කළ හැකි ප්‍රතිකාර -

කොහොඹ කොළ, අමුකහ තම්බා කුෂ්ඨ සහිත තැන් සේදීම හෝ මුළු ඇඟම සේදීම.

වෙනිවැල් ගැට තැම්බූ ජලයෙන් ඇඟ සේදීම හෝ ඒ ජලයෙන් තෙමා ගත් පුළුන්වලින් කුෂ්ඨ සහිත තැන් පිසදැමීම.

මුරුංගා කොළ, අමුකහ තම්බා  ඇඟ සේදීම.

ගංසූරිය කොළ, අමුකහ තම්බා සේදීම.

කරල් හැදෙන මුරුංගා කොළ, කොහොඹ කොළ, අමුකහ එක්කොට අඹරා ආලේපනයක් ලෙස සකසා කුෂ්ඨ ඇති තැන්වල ආලේප කරන්න. 

නමුත් රෝගය දරුණු වීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාගන්න.


අදහස් දැක්වීම - ආයුර්වේද වෛද්‍ය නිලානි වෙලේකුඹුර

සටහන - සහශ්‍රිකා දයානන්ද 

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment