ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර

ගර්භනී කාලය කියන්නේ බොහොම පරිස්සමෙන් ගත කරන්න ඕනි කාලයක්. 
ආහාර රටාවෙන් වගේම ජීවන රටාවෙන්ද වෙනදට වඩා හරිම සැලකිලිමත්ව සිටිය යුතුයි. 
බොහෝ කාන්තාවන්ට ගර්භනී කාලයේ දී බෝ නොවන රෝග ඉස්මතු වීමේ අවධානමක් පවතිනවා. 
එතනදි ගර්භනී දියවැඩියාව ඒ අතරින් තරමක් ඉහළයි. 
මෙවර සිරිකත ආයුර්වේදයෙන් කතා කරන්නේ ගර්භනී දියවැඩියාව පාලනය සඳහා සුදුසු ආහාර රටාව ගැනයි. 


ගර්භණී කාලයේදී දියවැඩිය රෝගය ඇතිවීමට හේතු. 


සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවක් ගැනීම. 

එනම් පාන්පිටි ,සීනි  තිබෙන ආහාර වැඩිපුර ගැනීම , ක්ෂණික ආහාර වලට හුරුවීම, ගර්භනී වීමට පෙර ස්තූලතාවයෙන් පෙළීම, හෝමෝන වෙනස්කම්, මානසික ආතතිය අඩුවීම, ව්‍යායාම වලින් ඈත්වීම වැනි හේතූන් මේ සඳහා බලපායි. 

 

ගර්භනී  දියවැඩියාව හඳුනාගත හැකි ලක්ෂණ. 


පිපාසය වගේම නිතර නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය මතුවීම, කිසිම හේතුවකින් තොරව සිරුරේ බර  අඩු වීම්වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. 

නිවැරදි ආහාර පාලනයෙන් මේ තත්ත්වය මඟහරවා ගන්නේ කොහොමද? 


සීනි, පිටි සහිත ක්ෂණික ආහාර ලබා නොගෙන, ඒ සඳහා පලතුරු වර්ග, පලතුරු ගැනීමේ දී ඉඳුණු පළතුරු ලබාගන්නවාට වඩා භාගෙට ඉදුණු පලතුරු ලබා ගැනීම සුදුසුයි.පලා වර්ග ගැනීමේදී  කෘමි නාශක , වාණිජමය වගාවකින් තොර රසායනික පොහොර නොයෙදූ පලාවර්ග ගැනීම සුදුසුයි, ඒ අතරින් කංකුන්, මුකුණු වැන්න, ගොටු කොළ , රතු තම්පලා, කළු කැම්බේරිය, නිවිති, ම්යන දළු ,ධාන්‍ය වර්ග, දේශීය පාරම්පරික සහල් තැම්බූ නිවුඩු සහල් බත්, කුරක්කන් රොටි, මෙනේරි කැඳ, තණහාල් කැඳ, එළවළු වර්ග වලින් වැට කොලු ,පතෝල ,කැකිරි, බන්ඩක්කා, කෙසෙල් මුව, පොලොස් ගැට ,මුරුංගා,
සහ ලුණු අධික ආහාර ගැනීමෙන්ද වැළකිය යුතුය. 

ඒ වගේම අයිස් ක්‍රීම් ,පුඩින්, ජෙලි ,ටොෆි, චොකලට්, යෝගට්, බිස්කට්, හකුරු ක්‍රීම්, පැණි වර්ග ලබා ගැනීම සුදුසු නොවේ.

තෙල් අධික මාංශමය ආහාර ගැනීමෙන්ද වැළකිය යුතුය. 

ප්‍රධාන ආහාර වේල ලබා ගත යුතු වෙලාව.


උදේ ආහාරය _ උදේ 7 /8 අතර ලබා ගැනීම .

දිවා ආහාරය _ දවල් 12/1 අතර ලබා ගැනීම. 

රාත්‍රී ආහාරය _  සදහා රාත්‍රී 7/8 අතර කාලය ලබා ගැනීම. 

සුළු ආහාර වේලක් ලෙස උදෑසන ආහාරයට පෙර කොළ කැඳ  පානයක් ගන්නවා නම් උදේ  6 /6.30 අතර වේලාවෙන් ලබා ගැනීම සුදුසුයි. 

මෙවැනි කාලසටහනකට අනුව ප්‍රධාන ආහාර  ලබා ගැනීම කළ හැකි නම් වඩාත් සුදුසුයි.

ආහාර ගත යුතු ප්‍රමාණයන්. 

කුරක්කන් සහිත රොටියක්, ඉඳිආප්ප දහයක්, ආප්ප දෙකක් කඩල, කව්පි, මුං ඇට, එක් වර්ගයකින් ධාන්‍ය කෝප්පයක්. 

ප්‍රධාන ආහාර වන බත් හැඳි දෙකක් හෝ තුනක් සහිත සමබල පෝෂ්‍යදායි ආහාර රටාවක් ගැනීම කළ යුතුයි.

ගර්භනී කාලයේදී මතුවන දියවැඩියාව හේතුවෙන් උපදින දරුවාට මතුවන සංකූලතා. 

උපත් බර වැඩි දරුවන් බිහිවීම, දරුවාගේ ස්වසන අපහසුතා මතුවීම, මල දරු උපත් ඉපදීම, ස්වභාවික දරු උපතකට දරුවා බිහිකර ගැනීමට අපහසුතා මතුවීම ,උපදින දරුවාගේ සීනි මට්ටම ඉහළ යාම වැනි සංකූලතා මතුවිය හැකියි.

එම නිසා ඔබ ගැබිනියක් වීමට පෙර සිට සිරුරේ සීනි පාලනය ගැන සැලකිලිමත් විය යුතුය. 
මෙවැනි බෝවන රෝග වලින් ඔබට ගර්භනී කාලයේදී වගේම ජීවිත කාලයේදීම ආරක්ෂා වීමට එයින් හැකියාව පවතිනවා.

සටහන. 
මහේෂානි මීගහපොල.

උපදෙස්.
ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර.

ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන්න කැමති ඔයාට Read Previous

ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන්න කැමති ඔයාට

අනාගතයට අවශ්‍ය නායකයන් ගැන අගමැතිතුමියගේ අවධානයට Read Next

අනාගතයට අවශ්‍ය නායකයන් ගැන අගමැතිතුමියගේ අවධානයට

Realted Post

Leave a comment