ගැහැනු පියයුරු පිරිමින්ට මානසික ලෙඩ හදනවද?

දිනක් විවාහක මැදි වියේ යුවළක් මා හමුවීඹට පැමිණියා. දෙදෙනාම හොඳ උසස් රැකියාවල නියැළෙන දෙදෙනෙක්. මම ඒ දෙදෙනා සමගම හොඳ සුහදව කතා බහක යෙදුණා. මුලින් බිරිඳට ඇයගේ අදහස් දක්වන්නට අවස්ථාව ලබා දී සැමියා බිම                බලා ගෙන සිටියා.

බිරිඳ මා සමග මෙහෙම කියනවා.
අනේ මැඩම් අපි දෙන්න විවාහ වෙලා දැනට වසර 07ක් විතර වෙනවා. අපිට පුංචි පුතෙක් ඉන්නවා. එයාට අවුරුදු 04යි. අපි දෙන්නා අතරේ ලොකු ප්‍රශ්න නැහැ. ඒත් මහත්තයාගේ එක් හැසිරීමක් මට හරි පීඩාකාරීයි. එයාගේ ඒ හැසිරීමට ප්‍රතිකාරයක් ලබා ගන්නයි ආවේ.
මම දන්නවා මට විශ්වාසයි මගේ සැමියා වෙන කාන්තාවන් සමග සම්බන්ධතා නැහැ. එයා යහළුවන් එක්ක සාදවලට යන්නෙත් නැහැ. එයා මමත් එක්ක කාලය ගෙවන්න ගොඩක් කැමතියි. මම ඒ දේට කැමතියි.
ඒත් මම මෙයාගේ එක ක්‍රියාවකට අකමැතියි. මෙයා මගේ පියයුරු වලට ගොඩක් ආස කරනවා. අපි විවාහ වෙන්න කලින් ඉඳලම එයා එහෙමයි.
මම හිතුවේ සාමාන්‍ය දෙයක් කියලා. ඒත් එයා දැන් වැඩියි.  මට විවිධාකාර යට ඇඳුම් ගෙනල්ලා දෙනවා. ඒවා ගොඩක් ගණන් ඒවා. මම ඒවා ඇඳලා එයාට පෙන්නන්න ඕනේ. අපි ලිංගික එකතු වීමට ප්‍රථම එයාට ඒ ඇඳුමෙන් මාව දකින්න ඕනේ. ඉතිං මම ආස නැහැ සතියෙන් සතියට වියදම් අධික බ්‍රා ගේනවට. එයාගෙ ඒ ක්‍රියාව විතරයි වරදකට කියල තියෙන්නේ. එයාගේ ලිංගික හැසිරීම වුණත් පීඩාවක් නැහැ. මට හරිම ආදරෙයි.
ඉතිං මට ඕනේ මේ ඇඳුම් ගෙනත් ඒවා ඇඳගෙන මම එයාට ප්‍රදර්ශනය කරන දේ නිසා එයාගේ මේ සතුටු වීම අසනීපයක් ද කියලා දැනගන්න.   
ඒ වගේම එයා හැමදාම නිදාගන්න කලින් මගේ පියයුරු මත ඔළුව තියාගෙන උදේ ඉදන් වුණ හැමදේම වගේම අපේ අනාගතය ගැන වගේ දේවල් ගැන කිය කියා නින්ද යනකල් එහෙම පියයුරු මත නිදා ගන්න ඕනේ.
මේක අසනීපයක් ද? එයත් පුතා වගේ හැසිරෙන්නේ. පුතත් ආදරේට තුරුල් වෙනවා. ඒ වගේම මෙයත් ආසයි තුරුල්වෙලා කාලය ගෙවන්න.
ඉතිං ඇය කියන විදියට ඇයගේ සැමියට තියෙන්නේ මානසික රෝගයක් ද?
නැහැ..
පියයුරුවලට ආදරය කිරීම මානසික රෝගයක් නෙවෙයි. අපි දන්නවා දරුවෙකුට වගේම ,සැමියෙකුට, පෙම්වතෙකුට, සැනසීමට ඇති එකම තැන තම මවගේ , බිරිඳගේ, පෙම්වතියගේ ළය මඬල. ඒ වගේමයි කාන්තාවකගේ සැනසිලිම තැන පිරිමි පපුව.
ඉතිං මේ සැමියගේ මේ හැසිරීම මම විවේචනය කරන්න ගියේ නැහැ. මොකද එය සාමාන්‍ය දෙයක්.
ඔබ දන්නවද පිරිමින් සතුට ලබන ඉන්ද්‍රිය තමා ඇස. එය මනෝවිද්‍යාත්මකව පරීක්ෂණ මඟින් සනාථ වී හමාරයි.
ඉතිං මම මුලින් කියන්නම් අද මේ කතා කරන මාතෘකාව කුණුහරුපයක් එහෙම නෙවෙයි. මෙය අපි කවුරුත් ආස කරන සැනසීම ගෙනෙන ළය මඬලයි.
ඉතින් මේ ස්වාමියා බිරිඳගේ ළය මඬලට ළංවෙන්නෙ සෙනෙහස හා සැනසීම ලබා ගන්න. අපි දන්නවා කාන්තාවගේ පියයුරු විශාල වුවත්, කුඩා වුවත්, ඒ කෙසේ වුවත් මේ පියයුරු සැකසී තිබෙන්නේ
දරුවන්ට කිරි දීමට
ශෘංගාරයට
ප්‍රජනනයට
යනාදී ක්‍රියාවලීන් වෙනුවෙන් තමා මේ පියයුරු නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතිං කාන්තාවක් වුණාම පියයුරු ගැන අවධානය යොමු කරනවා. අඩුයි. පියයුරු ගැන අවධානය යොමු කරමින් පිරිපුන්ව ආකර්ෂණීය ලෙස පියයුරු තබා ගන්නා කාන්තාවනුත් ඉන්නවා.
ඉතිං පියයුරු ගැන කොතෙකුත් සාහිත්‍යයයේ ලියවිලා තියෙනවාද අපි දන්නවා ඒ සාහිත්‍ය නිර්මාණ තුළ අපට ශෘංගාරාත්මක ලක්ෂණ තිබෙනවා.
ඉතිං එවැනි දේ මඟින් පැහැදිලි වන්නේ කාන්තා ළය මඬල සැනසීමට සැදුන සයනයක්. මිසක මෙය කුණුහරුපයක් නොවෙයි. එය විඳලා බලන්න.
දරුවන් මවගේ ළය (සැනසීම)
සැමියා බිරිඳගේ ළය (සැනසීම)
බිරිඳ සැමියාගේ ළය (ආදරය / ආරක්ෂාව)
ඉතිං අප ඉහතින් කතාකළ සැමියා මානසික රෝගියකු නෙවෙයි. ඔහුගේ දවසේ පීඩනය නිදහස් කරන්න ඔහුට ඇයගේ ළය සයනයක්. ඉතිං බිරිඳක් වන ඔබ එය ටිකක් හිතන්න.

 

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Previous

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Next

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

Realted Post

Leave a comment