ගුණයි කියලා කන කෑමවල වස
සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට කැමති බොහෝ දෙනෙක් ආහාර මිලදී ගැනීමේදී ඒවායේ පෝෂණ ගුණය ගැන සැලකිලිමත් වෙනවා. ඒත් අපි සෞඛ්‍යයට හිතකරයි කියා සිතා මිලදී ගන්නා සෑම ආහාරයක්ම අප සිතන තරම් සුදුසුද?
වසර 15කට වැඩි අත්දැකීම් ඇති පෝෂණවේදිනී රේචල් බචර් පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගෙන යාමට මිල අධික නිෂ්පාදන හෝ විශේෂ ආහාර වර්ග අවශ්‍ය නොවන බවයි. ඇය ලන්ඩනයේ Third Space ව්‍යායාම මධ්‍යස්ථානයේ ප්‍රධාන පෝෂණවේදිනිය ලෙස කටයුතු කරන අතර, බර පාලනය කර ගැනීමට සහ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර ගැනීමට බොහෝ දෙනකුට උපකාර කර තිබෙනවා.
ඇයගෙන් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ සතියකට අවශ්‍ය ආහාර මිලදී ගැනීමේදී ඇය තෝරාගන්නේ මොනවාද යන්නයි. ඇගේ පිළිතුර බොහෝ දෙනකු බලාපොරොත්තු වන ආකාරයේ එකක් නොවෙයි. ප්‍රෝටීන් බහුල ආහාර සහ අඩු මේද නිෂ්පාදන පමණක් නොව, ඇතැම් විට චොකලට් ද ඇගේ සාප්පු කූඩයට එක් වෙනවා.
ඇය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීම සංකීර්ණ කරගත යුතු නැති බවයි. ඒ වෙනුවට ආහාර තෝරාගැනීමේදී ඒවායේ සැබෑ පෝෂණ ගුණය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්.
වියළි බෝංචිද? ටින් කළ බෝංචිද?
බෝංචි යනු අඩු වියදමකින් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබාගත හැකි ආහාරයක්. එහි අඩංගු ආහාර තන්තු බඩවැල් සෞඛ්‍යයට වැදගත් වන අතර, ප්‍රෝටීන් නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන අයටත් ප්‍රයෝජනවත් වෙනවා. එහෙත් වියළි බෝංචි භාවිත කිරීමට පෙර ඒවා පෙඟවීම සහ පිසීම සඳහා කාලය වැය කළ යුතුයි. ඒ නිසා ඇතැම් පෝෂණවේදීන් ටින් කළ, පෙර පිසූ බෝංචි පහසු විකල්පයක් ලෙස සලකනවා.
පෝෂණවේදිනී ක්ලෙමන්ටයින් වෝන් පවසන්නේ වියළි බෝංචි පෙඟවීමට සහ පිසීමට කාලය වෙන් කිරීම අපහසු බැවින් තමන් ටින් කළ බෝංචි තෝරාගන්නා බවයි. ඒවා සලාද, සුප් සහ ව්‍යංජන සඳහා පහසුවෙන් එක්කර ගත හැකියි.
කෙසේ වෙතත්, ටින් කළ බෝංචි මිලදී ගැනීමේදී ලුණු ප්‍රමාණය පරීක්ෂා කරන්න. අඩු ලුණු සහිත නිෂ්පාදන තෝරාගැනීමත්, භාවිතයට පෙර ජලයෙන් සෝදා ගැනීමත් හොඳ පුරුද්දක්.
පලතුරු රසැති යෝගට් වෙනුවට ග්‍රීක යෝගට්
ස්ට්‍රෝබෙරි රසැති යෝගට් රසවත් වුණත්, ඇතැම් නිෂ්පාදනවල එකතු කළ සීනි වැඩි ප්‍රමාණයක් තිබිය හැකියි. ඒ නිසා යෝගට් මිලදී ගැනීමේදී එහි අඩංගු සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම වැදගත්. සීනි එකතු නොකළ සාමාන්‍ය ග්‍රීක යෝගට් තවත් සුදුසු විකල්පයක්. එහි ප්‍රෝටීන් බහුල නිසා කුසගින්න පාලනය කිරීමටත්, මාංශ පේශි පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා.
එයට නැවුම් ස්ට්‍රෝබෙරි, කෙසෙල් හෝ වෙනත් පලතුරු එක්කර ගැනීමෙන් රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයක් සකස් කරගත හැකියි. ආහාර මිලදී ගැනීමේදී මතක තබාගන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් යනු ජනප්‍රිය ආහාර නිෂ්පාදන මිලදී ගැනීම පමණක් නොවෙයි. ඔබ තෝරාගන්නා ආහාරවල පෝෂණ ගුණය, සීනි හා ලුණු ප්‍රමාණය සහ ඒවා ඔබේ දෛනික ආහාර රටාවට ගැළපෙන ආකාරය පිළිබඳව සැලකිලිමත් වීමයි වැදගත්ම දේ.
අශන්ති වරුණසූරිය

Leave a comment