තාරුණ්‍යය රකින මැටි සත්කාර

ඇත අතීතයේ රජ කුමාරිකාවන්ගේ සිට නූතන  කාන්තාවන් අතර මැටි භාවිත කර රූපලාවන්‍ය සත්කාර   බොහෝ ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. ස්වභාවික සත්කාරයක් වනමෙය රසායනික ද්‍රව්‍ය වලින් සමට වන හානිය වළක්වා සමේ තාරුණ්‍යය රැක දි නිරෝගී බව ලබාදීමට උපකාරයක් වෙයි.

මැටි වලින් කොහොමද ලස්සන වෙන්නේ? 

මැටි කියන්නෙ නිකම්ම පස් වර්ගයක් නෙමෙයි. ස්වභාව දහමෙන් අපිට ලැබී තිබෙන පෝෂණ ගුණයෙන්  පිරුණු ඖෂධයක්. මැටි වලට පුළුවන් චුම්බකයක් වගේ සම ඇතුළත තිබෙන කොටස් කුණු කර තෙල් කොටස් බාහිරට හොඳින් ඇද ගැනීමේ හැකියාව තිබෙනවා වගේම වයසට යාමේදී මතුවන සම එල්ලා වැටීම, ඇදෙන සුළු බව අඩුවීම වැනි රූපලාවන්‍ය ගැටලුවලට සාර්ථක ප්‍රතිඵල  අත් කර දෙනවා.

මේ සඳහා පරිසරයේ ඇති සෑම මැටි වර්ගයක්ම භාවිතයට ගන්න පුළුවන්ද? 

සෑම මැටි වර්ගයක්ම මේ සඳහා භාවිත කිරීමට අපහසුයි. ඒ සඳහා වෙන් වූ පිරිසුදු ඛනිජ මැටි වර්ග තිබෙනවා. අද වෙද්දී බොහෝ ජනප්‍රිය මුල්තානි මිටිටි, බෙන්ටෝ නයිට් මැටි, ප්‍රංශ හරිත මැටි වගේම හුඹස් මැටි මේ සඳහා භාවිතයට ගන්න පුළුවන්. 

හුඹස් මැටි භාවිතයට ගන්නවා නම් එය හොඳින් පිරිසුදු කර  තද අව්වේ දින දෙක තුනක් හොඳින් වේලා පසුව කුඩු කර  තැටියකට දමා ලිපේ තබා මද ගින්නේ විනාඩි පහක් දහයක් රත් කර ගැනීමෙන් ඔබට පිරිසුදු සු හොඳ හුඹස් මැටි ගන්න පුළුවන්. මෙම මැටි වියළි බෝතලයකට දමා තබා ඕනෑම කාලයක් භාවිත කරන්නත් පුළුවන්. 
හුඹස් මැටිවල ඉහළ පෝෂණ ගුණයක් පවතිනවා එයට හේතුව නම් වේයන් විසින් පොළොව ඇතුළත ගැඹුරින් ගන්නා පස් හා  මෙයාලගේ කෙල එකතු වී මෙම මැටි සෑදෙන්නේ. ඒ නිසා සමට හිතකර බොහෝ ගුණ තියෙනවා. 
කැල්සියම් මැග්නීසියම් සින්ක් වැනි සමට හිතකර සත්ව , ශාක ඛනිජ කොටස් අධික සාන්ද්‍රණයෙන් ඇතුළත් වෙනවා.

මැටි වලින් කළ හැකි සත්කාර


සමේ පැහැයට 
මුල්තානි මිට්ටි මේස හැන්දක්
ග්‍රීන් ටී කුඩු තේ හැඳි භාගයක්
මී පැණි තේ හැන්දක්
මේ සියල්ල රෝස වතුරෙන්  කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 15 ක් තබා සෝදා හරින්න.


හිසට

බෙනිටොනයිටි නයිට් මැටි මේස හැඳි දෙකක්, දෙහි යුෂ බිංදු කිහිපයක් හොඳින් මිශ්‍ර කර හිස්කබලේ හිසේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා ෂැම්පු නොදා සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරන්න. 

මෙම සත්කාර සතියකට දෙවතාවක් කිරීම ප්‍රමාණවත්. 


සැලකිය යුතුයි


මෙම සත්කාර ඔබට අසාත්මික වනවාදැයි බැලීමට කන පිටුපස හෝ අතේ ඇතුළු පැත්තෙන් ආලේප කර විනාඩි දහයක් තබා වෙනසක් පවතිනවාදැයි නිරීක්ෂණය කරන්න. එලෙස වෙනසක් පවතී නම් ඔබ මෙම ආලේපන භාවිතය නොකරන්න.

මෙම සත්කාර ස්වභාවික වුවත්  අවුරුදු 16 ට ඉහළ වයස් සීමාවේදී භාවිතය සුදුසුයි.

සටහන
මහේෂානි මීගහපොල.


උපදෙස්
ආයුර්වේද වෛද්‍ය 
ඉමාෂා උඩවත්ත

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Previous

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය Read Next

රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය

Realted Post

Leave a comment