නිරෝගීව ලස්සනට ඉන්න නම් පෝෂණීය පෝෂණීය ආහාර ගත යුතුයි

රූපය ගැන කතා කරද්දි කරද්දී ඒ හා බැඳුණු දෙයක් තමයි නිරෝගීකම නිරෝගීකම තිබුනොත් තමයි අපේ බාහිර ලස්සන   ඉස්මතු කරගන්න හැකි වෙන්නේ මුළු සිරුරම නීරෝගීව පැහැපත්ව තබා ගත හැකි ක්‍රමයන් පිළිබඳව තමයි මෙම ලිපි මාලාවෙන් කියාදීමට සිතුවේ. එහි පළමු පියවර ලෙස අප ලබාගන්නා ආහාර කොතරම් නම් නිරෝගීකම හා ලස්සනට බලපෑමක් වෙනවද කියල තමයි අද කතා කරන්න හිතුවේ.

ආයුර්වේදයේ මූලික අරමුණ තමයි නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම සහ  රෝගී පුද්ගලයන්ගේ රෝගී බව නැති කිරිම .  අද කතා කරන්නේ නිරෝගීකම හා ලස්සන අතර සහ සම්බන්ධය ගැනයි. ඔබ නිරෝගී නැත්නම් එය රූපයට බලපෑමක් වෙන්න පුළුවන්. පුද්ගලයෙකු ගත්තාම කායික වගේම මානසිකවත් නිරෝගී විය යුතුයි .ඒ තුළින් බාහිර අලංකාරය සදහා  සිදු කරනු ලබන වියදම්කොට ඉතුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

නිරෝගී භාවය සුන්දරත්වය රැක ගැනීමේ දී බාධා පමුණුවන අවස්ථා

මූලිකවම බාධා පමුණුවන අවස්ථාවක් තමයි අද තියෙන කාර්යබහුල ජීවන රටාව ඒ හරහා එන මානසික පීඩන තත්ත්වය සේම අප ලබාගන්නා ආහාර රටාවද නිරෝගීකම සදහා  බලපායි. සිරුර  අභ්‍යන්තරව  ඇතිවන විවිධ  රෝග වල  ලක්ෂණ බොහෝ විට බාහිරව නිරෑපනය විම නිසා බාහිර සුන්දරත්වයට බාධා ඇතිවෙන්න පුළුවන් .  විවිධ  ආසාදන තත්ත්ව, සමේ දද කුෂ්ඨ, අව පැහැ ගැන්වීම් ආදිය මෙන්ම හිස කෙස් දත් නිය ඇතුළුව ව මුළු සිරුරටම බලපාන්න පුළුවන්.

ආයුර්වේද වෛද්‍ය අනුකූලව කොහොමද අපි නිරෝගීතාවය රැකගත යුත්තේ

ආයුර්වේදයේ මෙම ක්‍රියාවලියට දින චර්යාව ලෙස හඳුන්වන කිුයාවලිය ඉතා වැදගත් . උදෑසන අවදි වූ තැන සිට රාත්‍රි නින්දට යන තෙක් නිවැරදිව ගත කරන අයුරු විස්තර කරලා තියෙනවා උදාහරණ ලෙස මුඛ සෝදන mouth wash භාවිත කරන අයුරු, නිවැරදිව දත් මදින අයුරු ,  ඒ වගේම මළ මුත්‍රා වේග නිවැරදිව බැහැර කරන අයුරු වැනි කරැනු විස්තරාත්මකව දක්වා ඇත

නිරෝගීතාවයට මෙන්ම ඒ තුළින් රුව අලංකරනයට කොහොමද අපේ පෝෂණය බලපාන්නේ කියලා කතා කළොත්

වර්තමානය තුළ ය අසන්නට දකින්නට ලැබෙන රෝග ගණනාවකට මූලික හේතුවක් වී තිබෙන්නේ අප ලබාගන්නා ආහාර රටාවයි.  අධික ලෙස තෙල් පිටි සීනි වර්ණකාරක රසකාරක යෙදූ කෘතිම ආහාර  නිතර නිතර ලබා ගැනීම තුළ  අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇතිවිමෙි අවධානමක් පවතී . එවැනි රෝග වගේම ඒ තුළින් වෙනත් අතුරු ප්‍රතිඵල ලෙස වෙනත් රෝග මතුවිමට පුලුවන්. ආහාර ජීර්ණයේ ගැටලු නිසාත් රෝග හට ගන්න පුළුවන් ආයුර්වේදයට අනුව  බොහෝ ලෙඩ රෝග හටගන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි අයුරින්සිදු නො වූ විටයි . ආයු වර්ණ සැප සියල්ල ලැබෙන්නේ අපි ලබා ගන්නා නිවැරදි ආහාර රටාවෙනි.

ආහාරය නිවැරැදිව තෝරා ගැනීම මෙන්ම නිවැරදිව ආහාර ලබාගැනීම ගැනත් ආයුර්වේදය තුළ දන්වා තිබෙනවා නිදසුනක් ලෙස ආහාරයක් අපි ගන්නා විට එය  උණුසුම්ව ලබා ගන්න ඕනේ. එක් ආහාරයක් දිරවීමට පෙර නැවත ආහාර වේලක් ලබා නොගත යුතුයි. ආහාර ගනිද්දී ඉතා වේගයෙන් හෝ ඉතා සෙමෙන් ආහාර  නොගත යුතුයි. ඒ වගේම මළ මුත්‍ර වේග දරා දරාගෙන ආහාර නොගත යුතුයි

වර්තමානයේ  තරුණ වයස් කාණ්ඩ ආහාර පාලනය කිරීමට පුරුදු වී ඉන්නවා නමුත් මෙලෙස ප්‍රධාන ආහාර වෙිල් මඟහැරීම සමහර වයස්කාණ්ඩ හා ලෙඩ රෝග වලට සුදුසු නොවීමට පුළුවන්. එම නිසා වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් කිරිම සුදුසු වෙනවා .

රූපලාවන්‍ය ගැන කතා කරද්දි කතා නොකරම බැරි දෙයක් තමයි ජල පානය. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකු බර අනුව අවම වශයෙන් දිනකට  වතුර ලීටර් තුනක් වත් පානය කළ යුතුයි ඒ වගේම කුරුම්බා තැඹිලි ඖෂධීය පාන වර්ග ලබා ගැනීමත් සුදුසුයි එයින් අවශ්‍ය  ලවණ ලබාගත හැකියි.

දේශීය සහල් වර්ග තන්තු බහුල ආහාර වර්ග වැටකොළු කෙසෙල් කෙසෙල්මුව වැනි මුරුංගා සාරණ මකුණුවැන්න මුකුණුවැන්න ගොටුකොළ වැනි පළා වර්ග තුළින් අවශ්‍ය  ඛනිජ ලවණ විටමින් ලබා ගන්න උපකාරී වෙනවා වගේම මළ බද්ධය වගේ තත්ත්ව අවම කරගැනීමටත් උපකාරී වෙනවා .  

ආහාර ගැන කතා කරද්දි කතා කරද්දි බටහිර රටවල බහුලව භාවිතා වන සංකල්පයක් තමයි rainbow foods concept  කියන්නේ . ඒ කියන්නේ විවිධ වර්න වල   (රතු කොල කොළ කහ දම් සහ නිල් වැනි) ආහාර පාන, එළවළු පලතුරු පලා වර්ග ලබා ගැනීම . විශේෂයෙන්ම මෙිවායින්  සෞඛ්‍යමය ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා මේවා හඳුන්වනවා ප්‍රතිඔක්සිකාරක එහෙම නැත්තං ඇන්ටිඔක්සිඩන්ට බහුලව ඇති ආහාර  කියලා.ප්‍රතිඔක්සිකාරක ගුණය උදව් උදව්වෙනවා  නිරෝගී ලස්සන රූපයකට  මේ හරහා තරුණ බව රැක ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. නෙල්ලි වැනි පළතුරු වලත් මෙි ගුණයන් තිබෙනවා .

ආහාර සම්බන්ධව කතා කළ නිසාම අපට නිවසේදීම සරලව යොදා ගත හැකි බාහිර සත්කාරයන් ගැනත් මතක් කළොත්

සත්කාර කිරීමට පෙර මුලින්ම සමෙහි  වර්ගය බැලිය යුතුයි එනම් වියලි තෙල් මිශ්‍ර ලෙස සම වර්ග තියෙනවා

වියළි සමක් හිමි කෙනෙකුට අලිගැටපේර , කිරි වලින් සැකසූ සත්කාර ගුණදායකයි

ස්වභාවික toner එකක් ලෙස පිපිඤ්ඤා යුෂ භාවිත කළ හැකියි

Clenser එකක් ලෙස කෝමාරිකා මදය මදයට දෙහි යුෂ බිංදු කීපයක් දමා භාවිතයට ගන්න පුළුවන් 

ඒ වගේම රවගේම රූපය ගැන කතා කරද්දී නින්ද කියන්නේත් අත්‍යාවශ්‍ය දෙයක් . සාමාන්‍යයෙන් පුද්ගලයන් පැය 6- 8ක සුව නින්දක් ලබා ගැනීම අවශ්‍යයි .

කොතරම් රූපලාවන්නිය ප්‍රතිකාර සිදු කළත් පලක් වෙන්නෙ නැහැ මානසික පීඩනයකින්  ඔබ ඉන්නවනම් .ඒ නිසා ඔබ නිතර මානසිකව  සතුටින් සිටීම වැදගත්

ඒ වගේම වෙළඳපලේ තියෙන විවිධ වෙළෙඳ නාමවලින් තියෙන රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය තුළ අතුරු ප්‍රතිඵල ඒමට පුළුවන් සේම ඔබේ පසුම්බියට නිකරුනේ හිස් වන්න පුළුවන්.කුඩා කල සිටම මවක් තම දරුවාට නිවැරදි ආහාර රටාව ජීවන රටාව යහපත් පුරුදු කළහොත් විවාහය ළං වෙද්දී තරුණ වියේදී එතරම්  කරදරයක් වීමට අවශ්‍ය නොවේ. 

ඊළඟ ලිපි මාලාවෙන් ඔබේ රූපය නිරෝගී සුන්දරත්වයට ගෙන යන අයුරු ගැන කතා කරමු

 

 

අදහස් දැක්වීම -  කථිකාචාර්ය, ආයුර්වේද වෛද්‍ය අයේශා ගුණරත්න    

කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනය 

සටහන -  මහේෂානී මීගහපොල

 

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Previous

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

රජකාලේ ජිම් එක - අංගම්  මඩුව Read Next

රජකාලේ ජිම් එක - අංගම් මඩුව

Realted Post

Leave a comment