පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා  පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන් කර ඇත. 

 මුදල් ලබාදෙන්නේ පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමටය.

ඒ අනුව දැනටමත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වෙමින් සිටින එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් (1000) වෙනුවෙන් පුහුණුවන කාල සීමාවේදී දීමනා ගෙවනු ලබන්නේ  ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) බව  ව්‍යාපෘති අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා නැංවීම වෙනුවෙන් තවත් වැඩසටහන් ගණනාවකටම සිය ව්‍යාපෘතිය සහාය දක්වන බවද ඒ මහතා අනාවරණ කරයි. ඔහු ඒ බව සඳහන් කලේ දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු විශේෂ නියෝජිත කණ්ඩායම සමඟ  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩබලන සෞඛ්‍ය ලේකම් ගීතාමනී සී කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Read Previous

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය Read Next

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය

Realted Post

Leave a comment