ප්‍රශ්න නිසා වැටෙන්න එපා කාන්තාව ඉතා ශක්තිමත්

සමාජය තුළ ජීවත් වීමේදී කාන්තාවන්ට විවිධ ප්‍රශ්න, ගැටලු රැසකට මුහුණ දීමට සිදු විය හැකියි. එවන් අවස්ථාවලදී එම ගැටලු වලට හොඳින් මුහුණ දෙනවා හැරෙන්නට එම ගැටලු මග හැර ගැනීමට ජීවිතයෙන් පලා යාම  සුදුසු නොවේ. 

කාන්තාව යනු ලොවක නිමැවුම්කාරිනියයි. ඇය ලොවට මහත් වටිනා වස්තුවකි. බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වූයේද මවකගේ කුසින් මෙලොව එළිය දුටු නිසාය. ලෝක සම්මත උගත් බුද්ධිමත් සෑම අයෙකුගේම පිටුපස කාන්තාවකගේ දායකත්වය ඉහළින්ම පවතී. එය ලොවම පිළිගන්නා සත්‍යයකි. කාන්තාවක් වන ඔබට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේවි. නමුත් ඔබට එයට මුහුණ දීමට ශක්තියක් පවතී. ඔබ ඔබව විශ්වාස කිරීමට පටන් ගැනීම මෙහිදී ඉතා වැදගත්. ඔබ යම් ගැටලුවක් නිසා මානසිකව වැටුණහොත් එය ලෝකයාට බලපාන්නේ නැත. එය බලපාන්නේ ඔබටමයි. 

අතීතයේ සිටි පටාචාරාවට සිය මව, පියා, සැමියා, දරුවන් අහිමි වූ අතර ඇය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ශක්තිමත් භාවයට පත් වූවාය. අදටත් දෙවියන් බ්‍රහ්මයින් පටාචාරා තෙරණිය කියූ පමණින් වන්දනාමාන කරයි. 
ඔබටත් සමාජයේ ගරු බුහුමන් ලැබිය හැකියි. ජීවිතය තුළ ඇතිවන කුඩා ප්‍රශ්න වලින් හෙම්බත් වී ජීවිතය අසාර්ථක කර නොගෙන පෙරටත් වඩා හොඳින් වටිනා ලෙස ජීවත් වීමට ඔබ අදිටන් කර ගත යුතුයි. ඒ සඳහා ධර්මය තුළ පවතින අවවාද අනුශාසනා ඔබේ ජීවිතයට උපයෝගී කරගත හැකියි.

සිරිකත Online ප්‍රාණ වැඩසටහන ඇසුරින් . 

විශ්වනි හසලා

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට Read Previous

SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment