පැටියා අතේම තියාගෙන තියාගෙන ඉන්න අම්මලාට

‘‘ කේක් ගෙඩියක් වගේ දරුවා අතටම හුරු කරගන්න එපා’’
‘‘ඒ දරුවගේ ඇඟ හැදෙන්නේ නෑ’’
 ‘‘ඊට පස්සේ දාලා රැකියාවට යන්න බැරිවෙයි’’
අලුත් අම්මලාට මෙවැනි  විවිධ දෝස් මුර අහන්න ලැබීම සාමාන්‍ය දෙයක්. ඒත් මේවා සම්පූර්ණ වැරදි මත. ඉපදුණු දා ඉඳලාම මව සහ දරුවා අතර ඒ බැඳීම තිබිය යුතු යි. ඒ වගේම මවගේ ඒ උණුහුම අනිවාර්යයෙන්ම දරුවාට ලැබිය යුතුමයි. ඒ නිසා දරුවා අතේම තියාගෙන තුරුලු කරගෙන සිටීමෙන් ඒ බැඳීම  හුඟක් ශක්තිමත් වෙන්න උපකාරී වෙනවා. 

ප්‍රශ්න පත්තරයක් වගෙයි 

මේ කාල සීමාව තුළ අලුත් අම්මෙක් නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍රයට උත්තර හොයද්දි හිත් නොරිද්දා උත්තර සෙවීමයි වැදගත් වෙන්නේ.  ඒ ඔක්කොම ප්‍රශ්නයි කරන්න තියෙන වැඩකටයුතු ඔක්කෝමයි එක්ක අලුත් මවකට බබාට දෙන කිරි ටික මදිවෙන්න පුළුවන්. නැන්දම්මලා, අම්මලා එහෙම ඒ අවස්ථාවන් වලට හිත් රිදෙන්න යම් යම් කතා කියන්න පුළුවන්.  වැඩිහිටි පරම්පරාව කියන්න පුළුවන් අපේ කාලේ රත කල්කය දුන්නා, වතුර දුන්නා, කොත්තමල්ලි දුන්නා කියලා. හොඳින් මතක තබා ගත යුතු කාරණය වෙන්නේ දරුවාට මාස හයක් වනතුරු දෙන්නේ මව් කිරි විතරමයි. මවගේ මවුකිරිවල වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ වතුර. ඒ වතුර ටික අලුත උපන් දරුවෙකුට හොඳටම ප්‍රමාණවත්. 

අනෙක් කරුණ වන්නේ පළමු දරු ප්‍රසුතියක් කළ මවකට කිරි මදි වීම සාමාන්‍ය දෙයක්. මෙතනදි  දරු ප්‍රසූතිය සිදු කළ දියණියට හෝ ලේලියට වටින්නේ සැමියාගේ සහ වැඩිහිටියන්ගේ සෙනෙහසයි. අපි දැකලා තියෙනවා කිරි අඩු වුණාම සමහර වැඩිහිටියන් ඇනුම්පද කියනවා. මෙය කිසිවිටෙකත් සිදු නොකළ යුත්තක්.  ඒ අවස්ථාවට බය නොවී කිරි වැඩෙන හොඳ පෝෂදායී ආහාර රටාවකට හුරුවීමෙන් කිරි ගැටලුව සරලවම විසඳගන්න පුළුවන්. ඒ වගේම හරි විදිහට බබා කිරි උරාබීම නොකළොත් මවගේ තනපුඩු තුවාල වීම් වැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්. මේ කිරි සම්බන්ධ ඕනෑම ගැටලුවකට අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ගන්න දැන් මව්කිරි දීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් (Breastfeeding Doctors) වගේම පවුල් සෞඛ්‍ය සේවිකාවන්  ඉන්නවා. 

  • පැටියාගේ පෙකෙනි සාත්තුව 

ප්‍රසූතියෙන් පසු පෙකෙනි වැලෙන් කොටසක් ටික දිනක් යනතුරු දරුවාගේ ශරීරය තුළ රැඳෙන අතර එම කොටස වියළී යනතුරු ඉතා පරිස්සමින් පිරිසුදුව තබාගත යුතු වෙනවා. දරුවා නැහැවීමේදී  හෝ ඇඟ සේදීමේදී  පෙකෙනිය ජලයෙන් තෙමුණ පසුත් ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉතා ම පිරිසුදු සිනිඳු රෙදි හෝ පුලුන් කැබැල්ලකින් තෙතමනය ඉවත් කළ යුතුවෙනවා. ඒ ස්ථානය  වතුර නොරැඳෙන්න නොදී හොඳින් තෙත මාත්තු කර වියළිව තබා ගැනීම අනිවාර්ය වන්නේ පැටියාගෙ මේ ස්ථානය  ලේසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම එම ස්ථානය නිරාවණය කර තැබිය යුතු වෙනවා. යම් වෙනසක් පැසවීමක් ඇති වුවහොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙකුට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට පෙන්වා උපදෙසක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා.

ෆීල්ඩ් එකට අවොත් පවුල් ජිවිතේ ඉවරද ? Read Previous

ෆීල්ඩ් එකට අවොත් පවුල් ජිවිතේ ඉවරද ?

සාම පා ගමනේ මුල් අවධියේදී තුවාල ලැබූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ Read Next

සාම පා ගමනේ මුල් අවධියේදී තුවාල ලැබූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ

Realted Post

Leave a comment