පිරිමින්ට හැඳුනොත් ගුටිකන්න වෙනවලු ගැහැනුන්ට හැඳුනොත් වශී වෙනවලු

පිරිමින්ට හැඳුනොත් ගුටිකන්න වෙන ගැහැනුන්ට හැඳුනොත් වශී වෙන අමුතු රෝගයක් පිළිබඳ Dr. ඔබයි වැඩසටහනත් සමඟ සම්බන්ධ වුණු ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්‍ය වසන්ත ගුණතුංග මෙසේ සඳහන් කළා.

කාන්තාවන් පිටුපස ඇවිත් ඔවුන්ට පෙනෙන ආකාරයට තමන්ව ප්‍රදර්ශනය කරන පිරිමි කොට්ඨාසයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මෙය එක්තරා ආකාරයක රෝගී තත්ත්වයක් බව හඳුනාගෙන තියනවා. මේක කාන්තාවන්ට විශාල කරදරක් වුවත් පිරිමින් එයට විශාල කැමැත්තක් දක්වනවා.

මෙම අසනීප තත්ත්වයෙන් පෙළෙන පිරිමින්ට උදව් කරන්න අපිට පුළුවන්. එවැනි පුද්ගලයන් සතුරන් ලෙස දැකිය යුතු නැහැ. ඔවුන් දෙස අප සානුකම්පිතව බැලිය යුතුයි. ඔවුන්ව පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කිරීම, මානසික වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට හැකිනම් ඔවුන් එම රෝගී තත්ත්වයෙන් ගලවා ගන්න පුළුවන්. 

නමුත් ප්‍රධානම දෙය නම් කාන්තාවන් ලෙස අප එයින් බේරී සිටීමයි. ඔබටත් මෙවැනි රෝගයන් ඇති පිරිමි අයගෙන් කරදර හිරිහැරවනවා නම්, කාන්තාවක් ලෙස ඔබට ගත හැකි විසඳුම් මොනවා ද?

මෙවැනි තත්වයක දී අපට එම පිරිමි පුද්ගලයා මඟහැර යාමට පුළුවන්. එසේ ම තනිව මහමඟ ගමන් කිරීමෙන් වැළකින්න. එවැනි පුද්ගලයන් ගැවසෙන තැන්වලින් ඈත් වී සිටින්න. 

ඒ වගේ ම කාන්තාවක් ලෙස තමාට තමාව කායිකව මෙන් ම වාචිකව ආරක්ෂා කර ගැනීමේ ශක්තියක්, හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා සටන් කලා ක්‍රමයක් ඔබ දන්නේ නම් එය භාවිත කරන්න පුළුවන්. එසේත් නැතිනම් හයියෙන් කතා කර තමන්ගේ අදහස ප්‍රකාශ කරන්නත් පුළුවන්. 

පළමුව කාන්තාවක් විදිහට තමන් කායිකව, මානසිකව වගේ ම වාචිකව ශක්තිමත් වෙන්න ඕනි. එවිට ඔබට එවැනි පිරිමින්ගෙන් වන කරදර හිරිහැරවලින් ආරක්ෂා වීමේ හැකියාවක් පවතිනවා.


සහශ්‍රිකා දයානන්ද

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා... Read Previous

පවුල් සංස්ථාවක ගැටුම් කලාත්මකව පෙන්නවා...

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Next

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

Realted Post

Leave a comment