බබාගේ බඩ පිරෙන්න අම්මට කිරි තියෙනවද?

මගේ කිරි දරුවාගේ කුස පිරෙන්න ඇතිද? දරු පැටියා අවදි වී විනාඩි කිහිපයකින් අඬනවා නම් ඒ අඬන්නේ බඩගින්නටද?  ඒ අඬන හැමවිටම කිරි දෙන්න ඕනෑද? කියන ප්‍රශ්නය ඔබට ඇතිවෙන්න පුළුවන්. නැතිනම් කිරි දෙන්න ඕනෑ කුමන වෙලාවටද? නිවැරදිව කිරි දෙන්නේ කොහොමද? මේ වාගේ ප්‍රශ්න රැසක් සිතේ මැවෙන අම්මලාට ඒ සියල්ලටම පිළිතුරු දෙන්නයි මේ සූදානම. හැබැයි මේ කිරි කතාව ටිකක් දිගයි. ඒ කියන්නේ අපිට මේ ලිපියත් ඒ ගැන කියන්න මදිවෙයි.

ප්‍රථමවරට මවු පදවිය ලැබූ හුඟ දෙනෙකුට ඇතිවන ගැටලුවක් තමයි තමන් නිපදවන කිරි ප්‍රමාණය බබාගේ බඩ පිරෙන්න ඇතිද කියන කාරණය. ඔබටත් මෙවැනි ගැටලුවක් තියෙනවා නම් හොඳම දේ පැටියා  මූත්‍ර හා මලපහ කරන වාර ගණන ගැන අවධානයෙන් සිටීමයි. බබාගේ වයස අනුව තිබිය යුතු මූත්‍ර හා මලපහ වාර ගණනේ ප්‍රශ්නයක් නැත්නම් මවගේ කිරි බබාට හොඳටම ප්‍රමාණවත් වේ. මවගේ ශරීරයෙන් කිරි නිපදවන්නේ පැටියා කිරි උරාබොන ප්‍රමාණය පරිදිය. පැටියා  කිරි බොන්නේ ටික නම් කිරි නිපදවන්නේද ඒ ප්‍රමාණයට පමණි. පැටියා නිතර නිතර අඬනවා නම්  ඒ වෙලාවට බඩ පිරිලා මදි කියලා හිතලා තවත් කිරි පෙවීමට යාමට තන පුඩුව කටට  දීමට කිසි විටෙකත් යන්න එපා. ඒ වගේම අලුත උපන් පැටියෙත් පැය 03ට වඩා වැඩි කාලයක් එක දිගට කිරි නොබී නිදා ගන්නවා නම් පැටියාව ඇහැරවා කිරි දීමට පෙලඹවීමද නොකළ යුතුය. 

පැටියා අඬන්නේ කිරි මදි හින්දද?

බබාට අවශ්‍ය ප්‍රමාණයට මවුකිරි පෙවී නැත්නම් බබාගෙන් පහත ලක්ෂණ පෙන්නුම් කරනවා.

දරුවා මූත්‍ර හා මලපහ කරන වාර ගණන අඩු වීම.

මවුකිරි බීමෙන් පසුව දරුවා ඇඬීම.

බබාගේ සම කහ පාට වීම

මවුකිරි බීමේ අපහසුතා හෝ ඉතා දිගු වේලාවක් මවුකිරි බීමට උත්සාහ කිරීම.

වියළි තොල්

මවුකිරි බීමට පවා බබා අවදියෙන් නොසිටීම.

පැටියාට කිරි ලබාදෙන විනාඩි 20ක කාලය තුළ පැටියාගේ තිබහට ඕන කරන කිරි ටික ලැබෙන්නේ මුල් විනාඩි 10 තුළ දී පමණි. ඒ බව ඔබ හොඳින් දැන සිටිය යුතුය. මුල් විනාඩි 10 තුළදී වේගයෙන් කිරි උරා බිව් දරුවා ඊළඟ විනාඩි 10 තුළදී කිරි බොන්නේ ඉතාමත් සෙමින්  නතර කරමිනි. මොකද මේ කිරි ටික පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොහොසත් නිසාම ගනකමින් යුක්තය. එක පියයුරකින් විනාඩි 20ක්වත් කිරි ඉරිය යුතුය. 
කිරි කතා තවත් බොහොමයක් තිබෙනවා. ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.

 

දඹුල්ල ඉනාමලුවට  කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක් Read Previous

දඹුල්ල ඉනාමලුවට කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක්

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව Read Next

’දශබල ශරීර නල්ලියා’’ දේව්නිමෝරි ධාතූන් වහන්සේලා වන්දනාව

Realted Post

Leave a comment