බලන්න ආස හිතුණත් ඇබ්බැහිය භයානකයි

මෙම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ පිරිසක් විසින් යොමු කර තිබූ ප්‍රශ්නයක් ගැන. බොහෝදෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ලිංගික video බලන  නිසා ලිංගික අක්‍රමිකතා ඇති වෙනවද කියලා.

අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීම හොඳ දෙයක් ද නරක දෙයක් ද කියලා තවත් අය අහනවා.  

  •  video  නිසා ඇති වන වාසි

තමන්ගේ ලිංගික උද්දීපනය වර්ධනය කර ගැනීමට උපකාරී වෙනවා.
බෙලහීනතා තියෙන කෙනෙක් නම් උද්දීපනය කර ගැනීමට මෙම video  නැරඹීම වාසියක් වෙනවා.
නමුත් හොඳට මතක තබාගන්න, ඕනෑම දෙයකට අපි ඇබ්බැහි වෙනවා. ඉතිං මෙම අසභ්‍ය ලිංගික දර්ශන සහිත video  නැරඹීමට ඇබ්බැහි වූවන් අපට අද සමාජයේ බහුලව දකින්න පුළුවන්.

  • ඇතිවන ගැටලු මොනව ද?

සහකරු හෝ සහකාරියගෙන් තෘප්තියක් නොලැබීම.
බෙලහීනතාවය, අප්‍රාණිකත්වය.
video  නිසා වැරදි අවබෝධ ගැනීම
මෙම video වල ඇති ආකාරයට ලිංගිකව හැසිරීමට පෙලඹීමෙන් බෝ වන රෝග වැලඳීම.
video  නැරඹීමෙන් පසු වැරදිකාරී හැඟීමක් ඒම.

  • මිදෙන්නෙ කොහොම ද?

 එය ජීවිතයට එකතු කර ගන්න එපා.
තමන් කාලය මොනතරම් මේ සඳහා වැය කළාද කියා සිතා බලන්න.  
දැඩි අධිෂ්ඨානයෙන් මම මේ දේ නතර කරනවා කියලා  හිතන්න.
අසභ්‍ය video  නැරඹීමට ඇති වරප්‍රසාද අවහිර කරන්න.
බොහෝ පිරිසකට ඇබ්බැහිවීමකින් මිඳෙන්න තව කෙනෙකු අවශ්‍යයි.
video  නැරඹීමට අවශ්‍යයි කියල හිතෙන වෙලාවට වෙනත් දෙයකට හිත යොමු කරන්න. (ව්‍යායාමයක නිරත වීම, වීඩියෝ ගේම් එකක නිරතවීම, චිත්‍රපටයක් නැරඹීම)

  •  ඇබ්බැහිවීම වළක්වන  ප්‍රතිකාර තිබෙනවාද?

ඉහතින් කතා කළේ තනියම කොහොමද  ඇබ්බැහියෙන් මිදෙන්නෙ කියලයි.
එහෙත් බොහෝ දෙනෙකුට තනියම ඇබ්බැහියකින් මිදෙන්න අමාරුයි. ඒ අයට ඖෂධ ප්‍රතිකාර සහ මනෝ ප්‍රතිකාර තිබෙනවා.
ඒ සඳහා ඔබ කළ යුත්තේ  මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ උපදේශකවරයකු වෙත යොමුවී අවශ්‍ය උපදෙස් ගැනීමයි.

 

මේ වැරදි ඔබත් කරනවාද? Read Previous

මේ වැරදි ඔබත් කරනවාද?

දඹුල්ල ඉනාමලුවට  කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක් Read Next

දඹුල්ල ඉනාමලුවට කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයක්

Realted Post

Leave a comment