මේ දිනවල පවතින වෛරස් රෝගවලට

මේ දිනවල වැස්සයි පෑවිල්ලයි දෙකම සමහර දිනවල සැරට පවතිනවා. 
ඒ නිසාම ලෙඩ රෝගත් ඉක්මනින්ම ශරීරයට ඇතුළු වෙනවා. 
මේ කාලයේදී කාලගුණ, දේශගුණික වෙනස්කම් එක්ක මතුවන  විවිධ රෝග වලට ගෙදරදී කරගන්න පුළුවන් අත් බෙහෙත් සහ ජීවන රටාව නිවැරදි කරගන්නා අයුරු ගැනයි මේ කතාව. 


මේ කාලයේදී මතුවිය හැකි රෝග ලක්ෂණ 


උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, නාසයෙන් දියර ගැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස, උගුරේ වේදනාව, සිරුරේ පේෂි, සන්ධි ආශ්‍රිත වේදනාව ,ආහාර අරුචිය, සිරුර දුර්වල වීම , පාචනය, ඇස්, කන් වේදනාව වැනි රෝග ලක්ෂණ මතු විය හැකියි.

මේ ලක්ෂණ අඩුකර නිරෝගීව ඉන්න නිවසේදී කර ගත හැකි අත් බෙහෙත්.

 

සාමාන්‍ය උණට  


ඉඟුරු කබලේ බැදගත් කොත්තමල්ලි මේ දෙවර්ගය තම්බා සීනි හෝ මී පැණි සමඟ දිනකට තුන් වරක් පානයට ගන්න.

ඉඟුරු , ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි සම ප්‍රමාණ ගෙන තම්බා දිනකට දෙවරක් මී පැණි සමඟ පානයට ගන්න. 


සෙමිප්‍රතිෂ්‍යාව සහිත උණ


වියළි ඉඟුරු, දේවධාර , කොත්තමල්ලි , එළබටු මුල්, කටුවැල් බටු මුල් කලන් දෙක බැගින් ගෙන වතුර අඬු කෝප්ප  හතරක් එයට දමා එය වතුර අඩු කෝප්ප  එකක් වනතෙක් මද ගින්දරේ හිඳවාගන්න. 
එම ඖෂධීය පානය උදේ, සවස කෑමට පෙර සීනි සමග පානයට ගන්න. 

 

සිරුරේ වේදනාවට


මදුරුතලා, ඉඟුරු,ගම්මිරිස්, තිප්පිලි  මේ සියල්ල තම්බා නිවුණු පසු මී පැණි තේ හැන්දක් සහ දෙහි යුෂ තේ හැදි භාගයක් එකතු කර පානයට ගන්න


මුඛ සෝදනයට


බෙලිකොළ ,තිප්පිලි, මදුරුතලා, කුරුදු, තැමිඹු වතුරට ලුණු ස්වල්පයක් එකතු කර මෙම ඖෂධීය වතුර මද රස්නෙන් පවතිද්දී කට සෝදා ගන්න.


ඒ වගේම ඔබ දින තුනකට වඩා මෙම රෝග ලක්ෂණ පවතිනවා නම්  වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි. 


මෙවැනි රෝග වලින් ආරක්ෂා වීමට ඖෂධ වගේම ජීවන රටාවද යහපත් කරගැනීම කළ යුතුයි.


බාහිර සීතල පරිසරයට නිරාවරණය වීම අඩු කළ යුතුයි .

සවස් කාලයේ ස්නානය නොකළ යුතුයි .

උණු වතුර නිතර නිතර පානයට ගත යුතුය. 

ජීරණයට පහසු සමබල පෝෂණාහී ආහාරයක් ගනිම කළ යුතුයි. 

මුඛ ආවරණයක් පැළඳීම කළ යුතුයි. 

ඖෂධීය දුම් ඇල්ලීම නිවෙසේ වටපිටාවේ සහ නිවස තුළ සිදුකිරීම සුදුසුයි. 

මෙවැනි දේවල් භාවිත කිරීමෙන් නිරෝගී සුවයක් ඔබට ලබා ගැනීමට හැකි වෙනවා.

සටහන 
මහේෂානි මීගහපොල

උපදෙස් 
ආයුර්වේද වෛද්‍ය
උදේශි අන්ද්‍රා හැන්නදි

සජබ  නායකගේ හුස්ම වැඩ සටහනෙන්  මහනුවර ජාතික  රෝහලට   රුධිර කාන්දුකරණ  යන්ත්‍රයක් Read Previous

සජබ නායකගේ හුස්ම වැඩ සටහනෙන් මහනුවර ජාතික රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස් Read Next

වයස 57දීත් තරුණ පෙනුම රැකගත් ජෙනිෆර්ගෙ රහස්

Realted Post

Leave a comment