මේ දිනවල හැදෙන වෛරස් උණ

මේ දිනවල පවතින ගංවතුර තත්ත්වත් සමඟ වෛරස් උණ සෑදී ප්‍රවණාතව ඉතා වැඩියි.

රෝගය සමඟ ඇතිවන තත්ත්වයන් -

ඇඟපත වේදනාව
පපුවේ වේදනාව
ස්නායු වේදනාව
මාංෂපේශී වේදනාව
උගුරේ කැක්කුම
කැස්ස, වමනය, පාචනය
අධික හිසේ කැක්කුම
නාසයෙන් සොටු දියර ගැලීම

ප්‍රතිකාර - 

අධික උණ තත්ත්වයක දී ශරීරයට හොඳ විවේකයක් අත්‍යාවශ්‍යයයි.

පෝෂ්‍යදායී ආහාර පාන ගැනීම හා ප්‍රතිශක්තිය ඇතිකරවන ආහාර ගන්න. 

තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.

වැඩිපුර ජලය, දියර වර්ග පානය කරන්න.

නිතරම දෑත් පිරිසුදු ව තබාගන්න.

හෙම්බිරිස්සා ගතිය ඇත්නම් හුමාලය අල්ලන්න.

ඇඟපත වේදනා සඳහා සරල වේදනානාශක භාවිතා කළ හැක. 

සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ දින 3 - 7 ක් පමණ පවතින අතර රෝග තත්ත්වය දීර්ඝකාලීනව පවතියි නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.


අදහස් දැක්වීම - වෛද්‍ය නිමන්දා වෙත්තසිංහ 
වෛද්‍ය නිළධාරී 

සටහන - සහශ්‍රිකා දයානන්ද

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment