රක්තහීනතාවයට අතවශ්‍ය විටමින්

නීරක්තිය එහෙම නැත්නම් රක්තහීනතාවය ඇතිවීමට සිරුරේ යම් යම් රෝග පෝෂණ ඌණතා ද බලපානවා. නිවැරදි ප්‍රතිකාර රටාව වගේම සෞඛ්‍යමත් ජීවන රටාවකින් මේ රෝගී තත්ත්වය වළක්වා ගන්න හැටි ඔබ දැනුවත් කරන්න සම්බන්ද වූයේ, ගම්පහ දේශිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය රවීන්ද්‍ර වීරසිංහ මහතා. 

නීරක්තිය කියන දෙය සාමාන්‍යයෙන් අර්ථ දැක්වුවහොත් රක්ත වර්ණ නොවන අවස්ථාවක් කියන දෙය තමයි නීරක්තිය කියනනේ. රුධිරයේ රක්ත වර්ණය ස්වරූපය ඇතිවෙන්නේ RBC  නැත්නම් රතු රුධිරානු වලින්. රතු රුධිරානු වල රතු පැහැයට හේතුවන සංඝටකය තමයි හිමොග්ලොබින්. 

ආයුර්වේදය තුළ සඳහන් වෙනවා රස රන්ජනය කළොත් එහි දී රක්තය ඇතිවෙනවා කියලා. පළමු දෙය තමයි රසය නිසි පරිදි හැදෙන්න නම් ඒ කියන්නේ අපි ගන්න ආහාරය නිසි පරිදි ජීර්ණය නොවීම රස ධාතුව හැදෙන්නැත්නම් රක්තය හදාගන්න බැරිව යනවා. 

දෙවැනි කාරණය තමයි ඒ අතර පරිවර්තනය වන අග්නිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් එහෙම නැත්නම් ජීර්ණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නැත්නම් රක්තය සෑදීමේ ගැටලු ඇතිවෙනවා. 

රක්තසාර පුද්ගලයෙකුගේ ලක්ෂණ

සෝබා සම්පන්න දීප්තිමත් පුද්ගලයකු වෙනවා. හොඳ රක්ත ධාතුවක් තියනවා නම් සමාජයේ අපි කියනවා පිං පාටයි. සුදු පැහැය නෙමේ නීරෝගී පැහැපත්භාවය. සමේ ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ විම නිසි පෝෂණය සහිත පුද්ගලයකු වීම. 

නීරක්තිය හඳුනා ගත හැකි ලක්ෂණ 

සාමාන්‍යයෙන් සායනිකව අපි කොහොමද රෝගීන් පරික්ෂා කරන්නේ කියන කාරණය වැදගත් වෙනවා. උදා. විදියට නීරක්තිය තියන කෙනෙකුගේ පළමුවෙන්ම ශරීරය තියන දුර්වල පාණ්ඩු පැහැය (මලානික සුදු පැහැය ස්වභාවය)  එය අඳුරගන්න පුළුවන්. ඇස් පරික්ෂා කිරීමෙන්. 
ඊළඟට අපිට පුළුවන් නියපොතු වලින්. ඊළඟට රුධිර පරික්ෂාව. ආයුර්වේද විද්‍යාත්මකව ඊට එහා ගිය ක්‍රමවේද ගණනාවක් පරික්ෂා කරනවා. 
රක්තය හොඳ මට්ටමේ තියනව ද කියලා හිමොග්ලොබින් කියලා ගන්න බැහැ. රක්තසාර කෙනෙක් නම් රක්ත පැහැය  නියමාකාරයෙන් තියනවා. රක්ත අසාර පුද්ගලයෙකුගේ රතු පැහැය අඩුයි. තව ලක්ෂණ තියනවා. උද්‍ර: විදියට දිව/ දෙතොල/නහය/ඇස්/ මුඛය/ලිංගේන්ද්‍රිය යන කොටස් වල සිනිදු හා රක්ත වර්ණය සාමාන්‍ය පුද්ගලයෙකුගේ තියෙන්න ඕනි. රක්තසාර පුද්ගලයෙකුගේ මේ ලක්ෂණ අඩුයි.
හිමොග්ලොබින් අඩුවීම දිර්ඝකාලීන රෝගයක් නොමැතිව සිද්ධ වන අවස්ථා තියනවා. 

විකෘති රුධිරයක් සහිත අවස්ථාවල දී නීරක්තිය සහිත අවස්ථාවට අමතරව අපට හඳුනාගන්න පුළුවන් විශේෂිත රක්ත ගත රෝග තියනවා. 

කාන්තාවකට ඇති වන අධි අර්ථවය දී.    
ගර්භණි කාලයේ දී නීරක්තිය එන්න පුළුවන්. 
දරුවන්ට නීරක්තිය එන්න පුළුවන්. 
අර්ශස් රෝග වල දී නීරක්තිය එන්න පුළුවන්. 
විටමීන ඌණතාවයක දී නීරක්තිය එන්න පුළුවන්. 

ප්‍රතිකාර රටාවට අමතරව නිවැරදි ආහාර රටාවකට හුරුවිය යුතුයි. 

රක්ත වර්ධක ආහාර 

තෝර කොළ / ගොටු කොළ / කතුරුමුරුංගා / මුකුණුවැන්න / කොහිල දලු / රත් තම්පලා / නීරමුල්ලිය / බර කොකු / මියනදළු කරන් කොකු / කොළ පැහැති එළවළු / කැරට් අල කැඳ / වට්ටක්කා කොළ / බතල / බෙහෙත් නෙල්ලි / නිවුඩු සහල් / සියඹලා / කිරි අගුණ කොළ / රත්මල් පානය / පොකුරු වදමල් පානය / ලාවුළු 

යකඩ වගේම අත්‍යාවශ්‍ය විටමීන 

විටමින් A  - මෝර ගුලි / බටර් / එළගි තෙල් මිශ්‍ර කිරි / කැරට් / කහ පැහැති කොළ එළවළු 
විටමින් C - දොඩම් / තක්කාලි / නෙල්ලි / කලු මුද්දරප්පලම් 
විටමින් D - එළවළු තෙල් / උදෑසන හිරු එළිය 

ඒ වගේම අප ආහාරයට ගන්නා මස් / මාළු / එළවළු / පලතුරු / මව්කිරි / එළකිරි / බිත්තර / ඛනිජ විටමින් අඩංගු නිසා සාරවත් රක්ත ධාතුවක් ඇති කිරීමට උදව් වෙයි. 

නමුත් කුරුට්ට ඉවත් කිරිමේ දී / එළවළු කපා බොහෝ වේලා තබා ගැනීම / අව්වේ තැබීම / අධිකව සේදීම / ජලයේ තැබීම මගින් විටමින් / ඛනිජ ලවණ විනාශ වෙයි. 
විටමින් ඌණතා ඒමට පෙර සිට ම කුඩා අවදියේ සිට පෝෂණය සපිරි ආහාර රටාවකට හුරු කළ යුතුයි. 

යකඩ උරා ගැනීමට බාධා පමුණුවන අවස්ථා 

කැෆෙන් අඩංගු තේ / කෝපී පානය 
ඒ වගේම කෑම කාපු ගමන් වැසිකිලි යාමේ අවශ්‍යතා ගැටලුව නිසා 
ආහාර ගත් විගස ස්නානය 
ජීර්ණ ශක්තිය දුර්වල පුද්ගලයන්ගේ 
අර්ථභාවය ගැටලු 
උෂ්ණ / තෙල් /ලුණු  මිරිස් බහුල ආහාර ගැනීම
අධික ව්‍යායාම / අධික හිරු එළිය / මහන්සිවීම 

නීරක්තිය රෝග ලක්ෂණ වගේම සිරුරේ වෙනයම් රෝග තියනවා නම් ඒවාට ප්‍රතිකාර ලබා ගැනීම ඔබ සුවෙන් නීරෝගිව දිවි ගෙවිමට උපකාර වේවි.

සටහන - මහේෂානි මීගහපොල

Lapidary Art Exhibition Read Previous

Lapidary Art Exhibition

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර Read Next

සතියෙන් ලස්සන වෙන සහල් වතුර සත්කාර

Realted Post

Leave a comment