ලෙඩ ගොඩකට ගුණ තෙලක් ගෙදර හදමු

"හිසට තෙල් චුට්ටක් දාගන්න ළමයෝ ඔලුව කර වෙලා වගේ නේද?" ඉස්සර අපේ ආච්චි අම්මලා තරුණ දියණිවරුන්ට කියන්නේ ඔහොම නේද? මොකද තරුණ අය කොන්ඩේ වවාගන්න ආස කළත්, කොණ්ඩයට තෙල් ටිකක් නම් දාන්න හරිම අකමැතියි. නමුත් කොන්ඩේට තෙල් ගාලා මසාජ් කළවිට හිසේ සිට පාදාන්තය දක්වා දැනෙන සුවය නම්  කියා නිම කළ නොහැකියි. ඒ නිසා ගෙදරදීම පහසුවෙන් සාදාගත හැකි තෙල් සත්කාරයක් ගැනයි මේ කියන්න හදන්නේ. 

මුලින්ම බලමු ඖෂධීය තෙල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදන අයුරු.
කී කිරිඳිය යුෂ කෝප්ප භාගයක්. 
කරපිංචා කෝප්ප යුෂ භාගයක්. 
අමු නෙල්ලි කෝප්ප යුෂ භාගයක්. 
රැයක් පෙඟෙන්න තබා ගත් උළුහල් පේස්ට් භාගයක්. 

මේ සියල්ල මැටි බඳුනකට දමා එයට තල තෙල් හෝ පිරිසුදු පොල්තෙල් ලීටර් භාගයක් දමා මද ගින්දරේ තබා හොඳින් හැඳි ගාන්න. තෙල රත්වීගෙන එන විට රන්වන් හෝ දෝර පැහැ සුවඳවත් වී ගෙන එන විට ලිපෙන් ඉවත්කර නිවෙන්න හැර පිරිසුදු වියළි වීදුරු බෝතලයකට දමා හොඳින් වසා තබන්න. 
මේ ඔබට මාස දෙක තුනක් වුවත් භාවිත කළ හැකියි. 

භාවිත කරන අයුරු. 
ස්නානයට පෙර විනාඩි හතළිස් පහක් පමණ කාලයක් තබාගන්න. හොඳින් හිස්කබලේ හිස කෙස් වල ආලේප කර මුදෘ සම්භාහනයක් ලබාදී  පසුව මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න. 

නිවසේ සාදන ලද තෙලෙහි ප්‍රතිලාභ.
ශීර්ෂ රෝග (හිසරදය/ මිග්‍රේන්/නිදන්ගත පීනස දුරුකරයි) ඇසට ගුණදායකයි.
මුහුණ හා සිරුර පැහැපත් කර දීප්තිමත් කරවයි. ගන දීප්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.
මානසික සුවය වඩවයි.
හිස කෙස් වලට මනා පෝෂණයක් ලබාදෙයි. 

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Previous

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Next

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

Realted Post

Leave a comment