වේදනාවට හැමවෙලේම පැරසිටමෝල් බොන්න එපා

සාමාන්‍යයෙන්  සිරුරට දැනෙන ශාරීරික වේදනාවකදී අපි කවුරුත් අපේ පහසුවට වෛද්‍ය උපදේශයකින් තොරව පැරසිටමෝල් ඖෂධය  ලබා ගැනීමට හුරුවී තිබෙනවා. සමහර අවස්ථාවලදී සිරුරට දැනෙන අපහසුව  වැඩිවීම නිසාම අධිමාත්‍රාවෙන්  ලබා ගන්නා අවස්ථාද තිබෙනවා. එමඟින් ජීවිතයට හානි ගෙන දෙන තත්ත්වයන් වුවද ඇති විය හැකියි. එය කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව සිරුරට බලපෑ හැකියි.

එලෙස නිවැරදි මාත්‍රාවට සහ නිවැරදි වයස් සීමාවට අදාළව  පැරසිටමෝල්  ලබාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙහි සඳහන්. වයස, බර, සංයුතිය මත වගේම ටැබ්ලට්, දියර වැනි නිෂ්පාදනය මත පැරසිටමෝල් ලබා ගත යුතු මාත්‍රාව  වෙනස් විය හැකියි. 

ළමා වයසෙදි,

  • සිරුරේ බර වයසට අනුව කිලෝ ග්‍රෑමයකට 10 - 15 mg ලෙසත්
  • අවශ්‍යතාවය අනුව දිනකට පැය 04කට හෝ 06කට වරක් ලබාදීම කළ යුතුයි. 
  • එමෙන්ම ප්‍රමාණය දිනකට 60mg ඉක්මවා යාම නොකළ යුතුය. 

වැඩිහිටියෙකුට, 

  • 500mg - 1000mg අවශ්‍ය පරිදි සෑම පැය 04කට හෝ 06 වරක්ම භාවිතය සුදුසුයි. 
  • එහිදී උපරිම දෛනික මාත්‍රාව පැය 24 ක් ඇතුලත 4000mg වේ. 

අක්මා රෝග, මත්පැන් භාවිත කර තිබීම හෝ සිරුරේ වෙනත් විශේෂිත රෝග පවතී නම් සෑම පැය 04- 06 වරක් 500mg ට වඩා වැඩියෙන් නොගත යුතුයි.
මෙවැනි අය විශේෂයෙන් වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධ භාවිතය සුදුසුයි.

පැරසිටමොල් අධි මාත්‍රාවෙන් ලබා විෂ වීමකදී;

  • රෝග ලක්ෂණය වර්ධනය වීමට පැය කිහිපයක් ගතවීමට පුළුවන්. 

එහිදී, 

  • ඔක්කාරය, වමනය, උදර වේදනාව, ව්‍යාකූලභාවය, සම කහ පැහැවීම, ඇස් ඇස් කහා පැහැවීම  වැනි ලක්ෂණ මතු වෙන්න පුළුවන්. 
  • මෙහිදී ඔබට වමනය යාමට ආවත් වමනය පිට නොවේ නම් බලහත්කාරයෙන් වමනය දැමීම නොකළ යුතුයි. 

 
අධි මාත්‍රාවෙන් ශරීර ගතවීම  හදිසි අවස්ථාවක් වන අතර හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුයි.  
හදිසි උපකාර ලබාගැනීමේදී 1990 ගිලන් රථ සේවය හෝ  ඉක්මනින් සපයා ගත හැකි ප්‍රවාහන සේවයක් භාවිත කරමින් ළඟම ඇති රෝහල වෙත ළඟා වීම වැදගත්. 

රෝහල වෙත යාමේදී ඔබ තනිවම යාමට වඩා තව පුද්ගලයෙකුගේ සහය ලබා ගැනීම වැදගත්.

වෛද්‍යමය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යොමු වූ විට, පහත තොරතුරු නිවැරදිව ලබාදීම ඔබේ ප්‍රතිකාරවලට පහසුවක් වෙයි.

  • ඖෂධය ලබාගත් ප්‍රමාණය
  • ලබාගත් වෙලාව
  • වයස 
  • ඔබ මත්ද්‍රව්‍ය භාවිත  කර ඇත්නම්
  • ඔබට යම්කිසි වෙනත් රෝග පවතිනවා නම්
  •  සිරුරේ වෙනස්කමක් දැනුණු වෙලාව සහ දැනුණ දේ, 


ඒ වගේම ඔබ මීට පෙර යම් රෝගයකට  ඖෂධ ලබා ගන්නේ නම් එහි වෛද්‍ය පත්‍රිකා සහ ඖෂධ රැගෙන යාමත් වැදගත්.

සටහන- මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම-බුද්ධිනී සෙනෙවිරත්න. 

දැඩි සත්කාර ඒකක පුහුණු හෙද නිලධාරිනී .

ද සොයිසා රෝහල. 
කොළඹ.

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Previous

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’ Read Next

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

Realted Post

Leave a comment