සත්තු සමග ලිංගිකව එකතුවීම ලෙඩක්

අපි මේ වනතුරු කතා කළ ලිංගික චර්යාවන්ට වඩා හාත්පසින්ම වෙනස් ලිංගික චර්යාවක් ගැන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි කතා නොකළත් සමාජයේ සතුන් යොදාගෙන ලිංගික ක්‍රියා කරන පිරිස් ද අපට දැක ගැනීමට පුළුවන්.
මනෝ විද්‍යාවේ එම ලිංගික චර්යාවන් oophilia වශයෙන් හඳුන්වනවා. මෙහිදී සිදුවන්නේ සතුන්ගේ මාර්ගයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමයි.
මේ වගේ කෙනෙකු අපට හමු වුණාම මොකද කරන්නේ. බොහෝ පිරිස් මොහු ඉන්න තත්ත්වය ගැන සොයා නොබලා ඔහුට පහර දෙනවා. නමුත් පහර දුන් පසුවත් ඔහු මෙය නතර කරන්නේ නැහැ. මොකද ඔහුට දඬුවම් කළාට මෙම මානසික රෝගී තත්ත්වය නැති කරන්න බැහැ.
එය නැති කිරීමට නම් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා මනෝ උපදේශනය අවශ්‍යයි.
ඔහුට දඬුවම් කළත් ඔහු නැවත එම ක්‍රියාව හොරෙන් හෝ සිදු කරනවා. මන්ද අපි කතා කරන මානසික රෝග 200කට අධික ප්‍රමාණයක් දකින්න තිබෙනවා. ඒ අතර තිබෙන එක් මානසික රෝග කොටසක් තමයි ලිංගික අක්‍රමිකතා කියන්නේ. ඉතිං මෙලෙස සතුන් සමග ලිංගික හැසිරීමද මානසික රෝගයක්. මෙයට දඬුවම් කිරීම නොව මනෝ ප්‍රතිකාර පමණයි අවශ්‍ය වන්නේ.

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය Read Previous

2025 රාජ්‍ය රූපවාහිනී සම්මාන ප්‍රදානය

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Next

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

Realted Post

Leave a comment