ස්වභාවික වාජිකරණ වර්ධක ආහාර...

"වාජි". යනු; අශ්වයාට පටබැඳි තවත් නමක් වන අතර ලිංගික ක්‍රියාවලියේදී අශ්වයකු මෙන් හැසිරීමේ හැකියාව වාජීකරණ ගුණය ලෙස හඳුන්වයි. 

අධි රුධිර පීඩනය/ කොලෙස්ටරෝල්/දියවැඩියාව/තයිරොයිඩ් ආශ්‍රිත රෝග/ස්නායු රෝග/අංශභාග/සුෂුම්නාව සම්බන්ධ ආබාධයන්/මානසික ආතතිය/තොරවුන් හෝමෝනය නිෂ්පාදනය අඩුවීම/ලිංගෙන්ද්‍රය කුඩා වීම/ලිංගික අප්‍රාණිකත්වය/ක්ෂණික මෝචනය/සමාජ රෝග /මත්ද්‍රව්‍ය /දුම් පානය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් කරන හැකියාව අඩුවීමට බලපායි. 

වාජීකරණ හැකියාව වර්ධනය වීමට බලපාන හේතූන් ලෙස, 
සහකාරිය හෝ සහකරුවාගේ පිරිසිදුකම, නිරෝගී බව ,මානසික සතුට ප්‍රධාන ලෙස බලපායි.

අමුක්කරා (අශ්වගන්ධ) හෙවත් අමුක්කරා අල යොදා නිෂ්පාදිත අරිෂ්ඨ/ක්වාත/චූර්ණ/ තෙල් /පෙති වර්ග කරල් /ආලේපන ආදිය නිෂ්පාදිත ඖෂධ වර්ග බොහෝමයක් අද වෙද්දි වෙළඳපොල තුළ ඇත. 

මීට අමතරව වාජීකරණ හැකියාව පවතින ස්වභාවික ආහාරපානයන් ලෙස, 

මානෙල් අල හාතවාරිය කෙකටිය මුරුංගා කළු දඬු යුෂ කොමඩු මී පැණි ගිතෙල් එළකිරි ගොකටු මුල් තැඹිලි කුරුම්බා මද සහ වතුර මුහුදු ආහාර රතු මස් වට්ටක්ක ඇට කජු ආමන්ඩ් ඩාක් චොකලට් රට ඉඳි මිදී වැල් පෙනෙල කැඳ කෙසෙල් රතු අල පෝලික් ඇසිඩ් අන්තර්ගත ආහාර වර්ග විටමින් ඊ අඩංගුවාහාර විටමින් සී බහුල ආහාර රටකජු ඇටවර්ග අලි පේර බිත්තර පීකුදු වැනි ආහාර වර්ගවල ස්වභාවිකව වාජීකරණ ගුණය අඩංගුයි. 

මෙම ආහාර ගැනීමෙන් ලිංග්‍රීන්ද්‍රයට සැපයෙන රුධිර සැපයුම ඉහළ යාමෙන් ධාතු වර්ධනය වීම ලිංගික හැකියාව වර්ධනය වී ම ලිංගික හැසිරීමේ කාලය වැඩිවීම ටෝස්ටොරොන් හෝමෝන ශ්‍රාවය වැඩිවීම මගින් වාජීකරණ හැකියාව ඉහළ යාම සිදුවීමයි. 

නමුත් අන්නාසි අච්චාව සැමන් ඩෙල් බලමාලු තක්කාලී විනාකිරි ම වැනි ඌෂ්ණ බහුල ආහාර ගැනීම අඩු කිරීම වගේම මානසික ආතතිය පෙළීම අඩු කරගත යුතුයි.

චිත්තාවේගශීලීත්වය ඉහළ යාමෙන් වාජීකරණ හැකියාව පහළ හෙලනු ඇත. 

හොඳ වාජීකරණය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ිරෝගී දරුවන් බිහිවීම ශාරීරික මානසික කායික නිරෝගී ප්‍රියමනාප භාවයෙන් වැඩිවීම පවුල් ආරවුල්වලට තිත තැබීමේ හැකියාව වැනි බොහෝ වාසීන් මේ තුලින්අත්විඳිය හැකියි.

ස්වභාවික ක්‍රම වගේම මේ වනවිට වෙළඳපොළ තුළ න් ලිංගික ශක්තිය වඩවන ක්‍රම තිබෙනවා. 

නමුත් ඒවා වෛද්‍ය උපදෙස්වලින් තොර හිතුමනාපිට භාවිතය හරහා සිරුරේ වෙනත් රෝග සහ අතුරු සංකූලතා මතුවීමේ අවධානම ඉහළයි. එම නිසා සුදුසුකම්ලාත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඔබේ ගැටලුව විසඳා ගැනීම කළ යුතුයි.

සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය විදුර රත්නාකර.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment