සිරුරට ගුණ දෙනා - ආහාර රස බලමිනා

 

 

1. දෝෂ සමනය කරවන ආහාර 

වැටකොලු, බත්, කරවිල, තිරිඟු, පතෝල, මස්, මාළු, කිරි, මෝරු, ගිතෙල්, මී පැණි, අලු කෙසෙල් වැනි ආහාර වර්ග. 

2. ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ආහාර

පතෝල, වැටකොළු 

-මේවා පෝෂණ ගුණයෙන් හීන එළවළු හැටියට සලකනු ලැබූවත් එහි ප්‍රතිශක්තිය වඩවන ගුණය ඉතා ඉහළයි. 


3. ලේ ධාතුව වඩවන ආහාර

කතුරුමුරුංගා කොළ, පීකුදු, මස් ,නිවිති, මුකුණු වැන්න , රතු තම්පලා, සියඹලා වැනි ආහාර වර්ග. 


5. ශරීරයේ මේද කොටස් වඩවන ආහාර

සතුන්ගේ ඇටමිදුළු, වෙඬරු, ගිතෙල්, තල තෙල්, තල, පොල්තෙල්.


6. ඇට මිදුලු ධාතු කොටස් වර්ධනය කරවන ආහාර

කුඩා මාළු ,මස්, ධාන්‍ය වර්ග.

7. මල වඩවන ආහාර

කොහිල, බෙලි, කෙසෙල්මුව, කෙසෙල්, බඩ ඉරිඟු , කංකුං, නිවිති, ගස්ලබු, උඳු, මුදවපු කිරි, බතල වැනි ආහාර වර්ග.

8. මූත්‍රා වර්ධනය කරවන ආහාර
පුහුල් ,රාබූ,සාරණ ,  පොල්පලා, පිපිඤ්ඤා, දියලබු, බණ්ඩක්කා, ඉමුසු, ගොටුකොළ වැනි ආහාර වර්ග 

9. ශුක්‍ර ධාතුව වඩවන ආහාර
 ගව ,එළු ආදිය සතුන්ගේ අණ්ඩ කෝෂ, බිත්තර ,මස් ,කිරි.

10. දහදිය වර්ධනය කරවන ආහාර
පොල්පලා, කොත්තමල්ලි, බෙලිගැට මද ,ඉරමුසු, උණුදිය.

11. මොළයට හිතකර ආහාර

ගොටු කොළ, කිරි, ගිතෙල්, ලුණුවිල. 

12. හෘදය වස්තුවට හිතකර ආහාර

මී පැණි, තුඹ ,සුදු ලූනු, උළුහාල් ,රතු තම්පලා, කූර තම්පලා ,දෙලූම් ,නෙල්ලි අඹ ,කරපිංචා වැනි ආහාර වර්ග.

13. බඩගිනි වඩවන ආහාර

සුදුලූණු, ඉඟුරු, ගම්මිරිස්, තැම්බුම් හොදි ,කරපිංචා, සියඹලා වැනි ආහාර වර්ග

 සටහන- මහේෂානි මීගහපොල.

ඉදිරිපත් කිරීම_
ආයුර්වේද වෛද්‍ය. 
චේතිකා නාගහවත්ත.

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Previous

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment