ගම්පහ මහා කලා මංගල්‍යය

"සංස්කෘතික පුරවැසියා සොයා යාම"  තේමා කරගනිමින් ගම්පහ මහ නගර සභා යක්කල උප කාර්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වෙන "ගම්පහ සාහිත්‍ය උළෙලේ" සමාරම්භක උත්සවය සැප්තැම්බර් 4  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය වන ' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ' තේමාවට අනුගත වෙමින් සංස්කෘතික පුනරුදයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නිර්මාණය කිරීම පෙරදැරි කර ගනිමින් ගම්පහ සාහිත්‍ය උළෙල සංවිධාන කර ඇත.

ගීතය ,කවිය,සිනමාව, වේදිකා නාට්‍යය ඇතුළු ගද්‍ය පද්‍ය සාහිත්‍ය කලාංගයන් පිළිබඳ විද්වත් සාහිත්‍යයික සංවාද මණ්ඩප මෙන් ම පොත් ප්‍රදර්ශන කුටි රැසකින්ද මෙම කලා උළෙල සමන්විතයි.

06 වැනිදා දක්වා පෙ.ව. 09 සිට රාත්‍රී 10 දක්වා ගම්පහ මහ නගර සභා යක්කල උප කාර්‍යාලයීය පරිශ්‍රයේ දී ගම්පහ සාහිත්‍ය උළෙල පැවැත්වේ.

අද පැවති සමාරම්භක උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේමාලි වීරසේකර, රුවන් මාපලගම,ලසිත් භාෂණ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීන් මෙන් ම ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු සහ කලාකරුවෝ , රාජ්‍ය නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ. 

ගම්පහ සාහිත්‍ය උළෙලේ සමාරම්භක අවස්ථාවේ දී අන්තර්පාසල් සාහිත්‍ය තරගාවල දී ජයග්‍රහණ ලැබූ දූ දරුවන් වෙනුවෙන් සම්මාන හා සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරිණි.

 

 

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Previous

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment