රට වෙනුවෙන් කැපවූ ඔවුන් අදත් අභිමානයෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිය උතුම් කැපකිරීම් සිදුකරමින් ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම පිළිබඳ සිය අඛණ්ඩ කැපවීම තවදුරටත් අවධාරණය කරමින්, අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ඉකුත්දා (29) සංචාරයක නිරත විය.

සංචාරය අතරතුරදී යුද්ධ හමුදාධිපති අභිමන්සල - 1 පරිශ්‍රයේ නිරීක්ෂණයක නිරත වූ අතර, එහි නේවාසික රණවිරුවන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක්, දෛනික අවශ්‍යතා සහ සුබසාධන කටයුතු පිළිබඳව විමසා බැලීය.

මෙහිදී ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු හට රෝද පුටු 2ක් පිරිනමන ලද අතර, අභිමන්සල - 1 හි නේවාසික සෑම ආබාධිත රණවිරුවෙකු වෙතම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමීමටද වත්මන් යුද්ධ හමුදාධිපති කටයුතු කළේය.

 අනතුරුව එහි කාර්ය මණ්ඩලය අමතමින්, නේවාසික රණවිරුවන්ගේ රැකවරණය, සුබසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් ඔවුන් විසින් ඉටුකරනු ලබන කැපවීම් සහ සේවාව අගය කළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ  හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න, ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් G A T ගොඩේවත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, අභිමන්සල - 1 හි එක් නේවාසික රණවිරුවෙකු විසින් තමන් විසින්ම නිර්මාණය කරන ලද සිහිවටන තිළිණයක් යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත පිරිනැමීමද සිදු විය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් Read Previous

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් Read Next

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්

Realted Post

Leave a comment