ලොකුම බලාපොරොත්තුව ලෝක කුසලානය Harshitha

මෙය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය සතියකි. වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් වුවත්, එය පිරිමින්ට පමණක් සීමා වූ ක්‍රීඩාවක් යැයි මතයක් පැවතිණි. නමුත් ගෙවී ගිය සතිය නිමාවූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ද ක්‍රිකට් ක්‍රීඩාවට හපනියන් බව ඔප්පු කරමිනි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වූ   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එදාමෙදාතුර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ  ශ්‍රී ලංකාව තැබූ ඉහළම පියවර තැබුවේය.  ඒ පියවර සඳහා වැඩිම දායකත්වයක් දැක්වූයේ කණ්ඩායමේ නායිකාව මෙන්ම තරගාවලියේ වීරවරිය බවටද පත්වූ චමරි අතපත්තු හා අවසන් මහාතරගයේ වීරවරිය බවට පත් වූ හර්ෂිතා මාධවී සමරවික්‍රමයි. මේ ඔවුන් දෙදෙනා ජයග්‍රහණයෙන් අනතුරුව දැක්වූ අදහස් කීපයකි.

  • අවසන් මහා තරගයේදී  පන්දුවට පහර දෙන්න එනකොට ඔබට මොන වගේ පීඩනයක් ද තිබුණෙ?

මම විකට් එකට යද්දි මට ලොකු පීඩනයක් තිබ්බේ නෑ මොකද චමරි අක්කා හොඳ ෆෝම් එකේ හිටියේ. ඒ නිසා මට කිසිම බයක් තිබ්බේ නෑ.  මට මගේ සාමාන්‍ය ක්‍රීඩා රටාවෙන් ක්‍රීඩා කරන්න පුළුවන් වුණා.

  • චමරි දැවී ගියාම එයාගේ භූමිකාව ඔයාට කරන්න වෙයි කියලා පීඩනයක් තිබුණද ?

කවිෂා පිට්ටනියට ආවහම එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසා මම චමරි අක්කගෙ භූමිකාව අරගෙන මට පුළුවන් මට්ටමින් පහරවල් වලට යන්න බැලුවා. ඒක සාර්ථක වුණා කියලා හිතනවා

  • ඔබ පන්දු රකිද්දි උඩ පන්දු දෙකක් අත හැරෙනවා. ඒ අඩු පාඩුව  කොහොමද ඔබ පිතිකරණ​ෙය දී හදා ගත්තේ ?

අපි ක්‍රීඩාගාරයට ආවහම අපේ ප්‍රධාන පුහුණුකරු අපිට ලොකු නිදහසක් දුන්නා තරගයේ පිතිකරණය ගැන විතරක් අවධානය යොමු කරලා ක්‍රීඩා කරන්න කියලා. මම ඒ දේ කළා.

  • ඔබ තරගයේදී උනන්දුවෙන් කඩුලු අතර දුවනවාත් අපි දැක්කා ?

ඒ වෙලාවේ හතර හයේ පහරවල් ගහනවා එක්කම ලකුණු රැස් කරන්න නම් එක ලකුණු දෙක දුවන්නත් අපිට සිදු වුණා. ඒ දේ මම කළා. 
තරඟයේදී ඔබට ලැබුණු තණනිල්ලේ  හොඳට පන්දුවට පහර දෙනවත් අපි දැක්කා ඒ ගැන මොකද හිතෙන්නේ ?
අපිට අවසන් මහා තරගයේ දීල පිතිකරුවන්ට ඉතාම හොඳ  තණතීරුවක් ඒක ලකුණු ගහද්දි අපිට ගොඩක් පහසු වුණා.

  • අවසානයේදී ඔබට ලැබුණු ජයග්‍රහණය ගැන මොකද කියන්න පුළුවන් ?

ඇත්තටම ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයක් පළමුවරට ගෙන ඒමට ලැබීම ගැන ඉතාම සතුටුයි. තරගය බලන්න විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් පැමිණිල හිටිය. මම පළවෙනි පාරට තමයි එච්චර ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරියේ ක්‍රීඩා කළේ. ඒනිසා මම ප්‍රේක්ෂකයන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හැම වෙලාවේම මට ශක්තියක් වුණු මගේ පවුලේ කට්ටියවත් මම මතක් කරන්න කැමතියි.

  • කුසලානයට මෙම තරගාවලි ජයග්‍රහණය කොතරම් වැදගත් ද?

අපි තරගයෙන් තරගයට තමයි සැලසුම් කර කර යන්නෙ. අපගේ කණ්ඩායමේ ලොකුම බලාපොරොත්තුව තමයි ලෝක කුසලානයක් ලංකාවට ගේන එක. තරගයෙන් තරගයට ඒ සදහා  ඉස්සරහට යන එක තමයි අපේ බලාපොරොත්තුව

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Next

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

Realted Post

Leave a comment