බල ලෝභී දේශපාලනයට නවසීලන්ත අගමැතිනියගෙන් කනේ පහරක්...

 

ජනතා වරමෙන් තේරීපත්වී, ජනතා සේවයට බැඳී සිටින බවට පොරොන්දු දෙමින් උසස් නිලතලවලට පත්වෙන හුඟක් දේශපාලඥයින්ට ඉහළට යනවිට තමන් එතනට පැමිණි කාරණය අමතක වේ. ඒ නිසාම පක්ෂ මාරුවෙද්දි ඒ පක්ෂෙන් මේ පක්ෂෙට එතනින් තවත් පක්ෂවලට පැන පැන උත්සහ දරන්නේ රට බේරා ගන්නද නැතිනම් තැන බේරාගන්නද කියන කාරණය ඇත්තටම දන්නේ ඔවුන්ගේ හදවත්ය. කෙසේ නමත් එවැනි බල ලෝභී දේශපාලකයින්ට පිළිතුරක් දෙමින් ලොව ලාබාලතම අගමැතිනිය වූ නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා අර්ඩර්න් තම අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

 


ඒ අනුව ඇය කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉදිරියේදී එනම් පෙබරවාරී මස හත්වන දා ඉල්ලා අස්වෙන බව ප්‍රකාශකර තිබෙන අතර නව නායකයකු තෝරාපත්කර ගැනීම සඳහා ඉදිරියේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු කරන බවත් පවසයි. 2017 වර්ෂයේදී නවසිලන්ත අගමැතිනිය ලෙස තේරී පත්වූ ඇයට ඒ වන විට වයස අවුරුදු 37කි. ඒ නිසාම ඇය ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද විය. 


ඇය තම සේවාකාලය තුල උපරිමයෙන් තම සේවය ලබා දී ඇති බව පෙනෙන්ට තිබෙන අතර ඇය පවසන්නේ තම සේවය ලබා දුන් වසර හය තුල එය ඇයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවයි. ඒ නිසාම තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවද ඇය පෙන්වා දෙයි.

නයනා උදයංගනී


 

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Previous

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Next

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

Realted Post

Leave a comment