ප්‍රසන්නගේ අලුත්ම සිනමා පටය ‘ගාඩි’ එළි දකී

 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ ගේ දසවැනි සිනමා නිර්මාණය ‘ගාඩි’ හි මංගල දර්ශනය පසුගිය දා පැවැතිවිණි. 


මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපනයට දායක වන්නේ සජිත අනුත්තර ඇන්තනී සහ ඩිනාරා පුංචිහේවා වන අතර සෙසු ප්‍රධාන චරිත ජීවමාන කරන්නේ රවීන්ද්‍ර රන්දෙනිය, අයිරංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා යන ප්‍රවීණ නළු නිළියන් ය. 


ගාඩි සිනමාපටය 14 වැනි Asia Pacific Screen Awards (APSA) අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ ජයග්‍රහණය හිමිකර ගැනීමටද මේ වනවිට සමත්ව ඇත. 


කන්ද උඩරට රාජධානියේ අවසන් සමයේ අවසන් භාගයේ සිදුවූ සිදුවීම් පාදක කරගනිමින්  මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. 


ශ්‍රී ලංකා, ඉන්දීය සහ පුරෝපීය සම නිෂ්පාදනයක් වන මෙය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ ඇගයීමටද පාත්‍රවීම විශේෂත්වයකි. එමෙන්ම “ගාඩි” සිනමාපටය 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උළෙල, රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල, 24 වැනි කේරළ ජාතික සිනමා උළෙල, ඇතුළු උසස් තත්වයේ සම්මාන උළෙල ගණනාවකම ප්‍රදර්ශනය කර ඇත.

නයනා උදයංගනී


    

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Previous

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment