විශිෂ්ඨයින් අගයන සුමති සම්මාන උළලේ විශේෂ අවස්ථා...

 

 

කලාලොවේ අති දක්ෂයින් අගයමින් සම්මාන ලබාදීම හා විශේෂ ත්‍යාග පිරිනැමීමේ සුමති සම්මාන උළෙල 09 දා (ඊයේ) අති උත්කර්ෂවත් අන්දමින් වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි.


එම අවස්ථාවේදී කලා ක්ෂේත්‍රයේ අති දක්ෂයින් වෙනුවෙන් සම්මාන රැසක් පිරිනැමුණු අතර එහිදී කවුරුත් බලාපොරොත්තු දල්වාගෙන සිටී අවස්ථාවක් වූ ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ දුෂේනි මියුරංගි වන අතර ජනප්‍රියම න`ඵවා සම්මානය හිමිවූයේ උද්දික ප්‍රේමරත්නටයි. 


එමෙන්ම 2020 හොඳම නිළිය ලෙස උදාරී වර්ණකුලසූරිය සම්මාන ලබාගත් අතර, න`ඵවා සම්මානය හිමිකර ගත්තේ දසුන් පතිරණයි. 2021 හොඳම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ උමාලී තිලකරත්න වන අතර හොඳම න`ඵවා සම්මානය හිමිවූයේ තුසිත් ලක්නාත්ටයි.


මෙවර සුමති සම්මාන උළලේ 2021 හොඳම ටෙලිනාට්‍ය ලෙස “සකර්ම” ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වූ අතර 2020 හොඳම ටෙලිනාට්‍ය ලෙස “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍රවිය.

නයනා උදයංගනී
ඡායාරූප ළහිරු හර්ෂණ  


 

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment