දම්පැහැති කකුළු කුමරියන්

තායිලන්තයේ වැසි වනාන්තරයකින්  දුර්ලභ දම් පැහැති කකුළුවන් සොයාගෙන තියෙනවා..මෙම දම්පැහැති කකුළුවන්ව"කකුළු කුමරියන්" විදිහට නම් කරලා තියෙනවා.

සංචාරක සමය සඳහා ප්‍රදේශය වසා දැමීමට ටික කාලෙකට කලින් වනජීවී නිලධාරීන් උද්‍යානයේ පැනෝන් තුං මුරපොලේදී කුඩා, මැණික් පැහැති මේ ජීවීන් දැක තිබෙනවා.

මහා චක්‍රි සිරින්දෝර්න් කුමරියට ගෞරවයක් විදිහට මේ කකුළුවන් "කකුළු කුමරියන්" හෝ "සිරින්දෝර්න්" කකුළුවන් ලෙස දේශීයව හඳුන්වනවා.

සම්පූර්ණ ප්‍රමාණයෙන් අඟලක් පමණ පළල කකුළුවන් වන මෙම සතුන් වනාන්තරයේ හරිත පාසි අතර විචිත්‍රවත් ලෙස කැපී පෙනෙනවා. ඒ වගේම ඔවුන්ගේ අසාමාන්‍ය පෙනුම ස්වභාවදර්මයෙන් ලැබුන දායාදයක් විදිහටත් හඳුන්වනවා.

Source & Images: Department of National Parks, Wildlife and Plant Conservation

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්! Read Previous

ජෝතිෂ්‍යය කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක ගණිතයක්!

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා Read Next

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා

Realted Post

Leave a comment