බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන

කළු කුහර ගැන විවිධ අවස්තාවලදී විවිධ මත පළ විය. එවැනිම් මේ ගැන විවිධ කාලවලදී 
පරේක්ෂන ගවේෂණ සිදු විය.

අද කියන්න යන මේ කළු කුහරය විශේෂ කළු කුහරයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එය කිසිදු තාරකාවක් සමඟ නොවී, තනිවම මන්දාකිණියේ සැරිසරන කළු කුහරයක් වීමයි.

2022 දී මේ ගැන මුල්ම  පරේක්ෂණ සිදු වී ඇත. 
මේ සම්බන්ධයෙන් අපට විස්තර දැන ගැනීමට හැකි වූ පරේක්ෂණ නිබන්ධනකට අනුව ( RESEARCH PAPER, K.C. Sahu et al. OGLE-2011-BLG-0462: An isolated stellar-mass black hole confirmed using new HST astrometry and updated photometry. The Astrophysical Journal. Vol. 983, 2025) අනුව දැක්වෙන්නේ මෙම කළු කුහරය ගැන හබල් අභ්‍යවකාශ දුරේක්ෂයට ග්‍රහනය වූ නව තොරතුරු වලට අනුව  විද්‍යාඥයින්ට මෙය  විශ්වාසයෙන් මෙය කළු කුහරයක් බවට සනාථ කර ඇති බවයි.

 සාමන්‍යයෙන් කළු කුහරයක් අසල ඇති තාරකාවන්ගෙන් ආලෝකය හෝ දූවිලි ආකර්ෂණය කරගන්න අවස්තාවේදී කළු කුහර දරශනය වේ. නමුත් මෙය වෙනස් එකක් බව මේ ගැන ගවේෂණය කළ මෙම පරේක්ෂණ නිබන්ධනයෙන් පෙන්වා දෙයි. මේ කළුකුහරය නොපෙනෙන එකක් වන අතර එය හඳුනාගත හැක්කේ එහි ගුරුත්වාකර්ෂණ බලය හරහා පමණි. මෙය මෙහි ඇති විශේෂත්වයකි.

2011ජූලි මාසයේදී, මෙම කළු කුහරය දුරස්ථ තාරකාවක් ඉදිරිපිටින් ගමන් කර තිබේ. එවිට එය ගුරුත්වාකර්ෂණ කාචකරණය (Gavitational microlensing) යන විශේෂ සිදුවීමක් නිසා තාරකාවේ ආලෝකය විශාල කර පෙන්වා ඈත. එයින් විද්‍යාඥයින්ට එය අවධානයෙන් නිරීක්ෂණය කළ හැකි වී ඇත.

හබල් සහ ගයියා දුරේක්ෂයන්ගෙන් ලැබුණු දත්ත විශ්ලේෂණයෙන් පසුව, විද්‍යාඥයින් තීරණය කර ඇත්තේ මේ වස්තුවේ ස්කන්ධය සූර්යයාට වඩා 7 ගුණයකින් වැඩි බව. එමෙන්ම එය නියුට්‍රෝන තාරකාවක් නොව සැබෑ කළු කුහරයක් බවටද විද්‍යාඥයන් සොයාගෙන ඇති බව මෙම පරීක්‍ෂණ නිබන්ධනයේ සඳහන් වේ.

මෙය අප සිටි තැන සිට ආලෝක වර්ෂ 5,000ක් පමණ දුරින් මන්දාකිණියේ පසුපස අඳුරු ප්‍රදේශයක පිහිටි එකකි.

2027 දී NASA විසින් යොදාගන්නා Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය හරහා මෙවැනි හුදකලා කළු කුහර දහස් ගණනක් හඳුනාගැනීමේ හැකියාව ඇති බවත් සදහන් වේ. 

අප මේ සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතාගෙන් කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.  "කළු කුහර ගැන විද්‍යා විශාරදයින් කථාකිරීමට පටන්ගත්තේ වසර 50කට පෙර. වසර 2,500 කට පෙර අපේ බුදු හාමුදුරුවන් පවා මෙම කළු කුහර ගැන දේශනා කර තිබෙනවා.  නූතන යුගයේදී සොයාගන්නා දේවල් ගැන අපවැනි අයට තේරැමිි ගැනීම අපහසු බව කිවයුතුයි. හේතුව අපට එම පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකමිි නොමැතිවීමයි".

අශන්ති වරුණසූරිය

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා Read Previous

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා

Platinum Excellence Awards 2026 Read Next

Platinum Excellence Awards 2026

Realted Post

Leave a comment