භික්ෂු පරපුරේ පරිහානියට දැනුමේ හා ආධ්‍යාත්මිකත්වයේ දුප්පත්කම

ලාංකේය භික්ෂු පරපුරේ පරිහානියට මූලික හේතුව වී ඇත්තේ දැනුමේ හා ආධ්‍යාත්මිකත්වයේ දුප්පත්කම බව රජරට විශ්වවිද්‍යාලයේ සිංහල හා නූතන භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ පවසති.

උන්වහන්සේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර ඇත්තේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කටයුතු කරන ලෙස වුවද, ඇතැම් භික්ෂූන් වහන්සේලා තමන් පැවිදි වී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද යන්න පවා නොදන්නා තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී මහානායක ස්වාමීන් වහන්සේලා සහ අදාළ බලධාරීන් වහා මැදිහත් වී භික්ෂු සමාජයේ පිරිහීම වැළැක්වීමට පියවර ගත යුතු බවද උන්වහන්සේ අවධාරණය කරති.

එසේ නොවුවහොත් අනාගතයේදී බුද්ධ ශාසනය ලෙස ඉතිරි වන්නේ සුන්බුන් කිහිපයක් පමණක් විය හැකි බවට අනතුරු අඟවන උන්වහන්සේ, මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඇතැමුන්ගේ ප්‍රාර්ථනාවක් බවද සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

Making the Case for Investing in Children Read Previous

Making the Case for Investing in Children

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක Read Next

රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වයේ නිවැරදි දත්ත සඟවලා - විපක්ෂ නායක

Realted Post

Leave a comment