හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස

දිනපතා බොහෝ දෙනකු දෙවරක් නොසිතා සිදුකරන සාමාන්‍ය පුරුද්දක් වන්නේ ස්නානය කිරීමයි. එහෙත් ස්නානය කරන විට මුලින්ම සෝදාගත යුත්තේ හිසකෙස්ද, ශරීරයද, එසේත් නැතිනම් මුහුණද යන්න ගැන ඔබ කවදා හෝ සිතා තිබෙනවාද?

මේ වන විට මෙම කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම X සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයන් අතර ස්නානය කිරීමේ නිවැරදි පිළිවෙළ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී ඇත. 

එක් පරිශීලකයකු පවසා තිබුණේ ස්නානය ආරම්භයේදීම ෂැම්පු භාවිත කරන පුද්ගලයන්ගේ පුරුද්ද පිළිබඳව තමන්ට පුදුමයක් ඇති වන බවයි. 

තවත් අයකුගේ අදහස වී ඇත්තේ මුලින්ම හිසකෙස් සෝදා, පසුව ශරීරය සේදීම වඩාත් සුදුසු බවයි. හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පු සහ කන්ඩිෂනර් වැනි නිෂ්පාදනවල ඉතිරි කොටස් සම මත රැඳීමෙන් සමේ සිදුරු අවහිර වී කුරුලෑ ඇති වීමට ඉඩ තිබෙන බැවින් අවසානයේ ශරීරය හොඳින් සෝදාගත යුතු බව ඔහු පෙන්වා දී තිබේ. තවත් පිරිසක් පෙන්වා දී ඇත්තේ ගුරුත්වාකර්ෂණ නියමය අනුව ඉහළ සිට පහළට සේදීම වඩාත් තාර්කික ක්‍රමය බවයි.

විද්‍යාත්මකව වඩාත් සුදුසු ක්‍රමය කුමක්ද?

මෙම සංවාදයට පිළිතුරු දෙමින් ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ප්‍රිම්රෝස් ෆ්‍රීස්ටෝන් (Dr Primrose Freestone) ඩේලි මේල් පුවත්පතට පවසා ඇත්තේ ස්නානය කිරීමේදී මුලින්ම හිසකෙස් සෝදා ෂැම්පු කිරීමත්, කන්ඩිෂනර් යෙදීමත් සිදුකළ යුතු බවයි.

ඉන් අනතුරුව ඉහළ සිට පහළට ශරීරය සේදීම සුදුසු බව ඇය පෙන්වා දෙයි. ඒ අනුව පළමුව මුහුණද, පසුව අත් සහ උරහිස්, පිට ප්‍රදේශය සහ අවසානයේ ඉණෙන් පහළ ශරීර කොටස්ද සබන් යොදා හොඳින් සෝදා ඉවත් කළ යුතුය.

ඒ අනුව ස්නානය කිරීමේදී හිසකෙස් පළමුව සෝදා, ඉන්පසු මුහුණ සහ ශරීරය පිළිවෙළින් පිරිසුදු කිරීම වඩාත් සුදුසු ක්‍රමය බව විශේෂඥවරියගේ අදහසයි.

අශන්ති වරුණසූරිය 

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස Read Previous

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස

Making the Case for Investing in Children Read Next

Making the Case for Investing in Children

Realted Post

Leave a comment