මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

ඉරාන  ඊශ්‍රායල්  යුද්ධයත් සමග   ර්‍ මහනුවර  නගරය තුල සහ අවට නගර වල  ඉන්ධන පිරවුම් හල්  අසල  සෙනසුරාදා  රාත්‍රී  සිට  ඉරිදා  දවස ආරම්භයත් සමග  ඉන්ධන ලබා ගැනීමට ,ඉන්ධන හල් ඉදිරිපිට විශාල රථ වාහන පෝළිම්   ආරම්භ වී තිබේ.

බොහෝ ඉන්ධන හල්  ඉදිරිපිට  දිගු රථවාහන පෝළිම් සමග  මාර්ග වල දැඩි රථ වාහන තදබදයක්ද  ඇතිවී  තිබේ.
 මෙම ස්ථානවල  යම් ගැටුම් කාරී සිදුවීම්  ඇතිවීම වළක්වාලීම  සඳහා ඉන්ධන හල් අසල  පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.
දිගන ,තෙල්දෙණිය ,තැන්නකුඹුර ,බූවැලිකඩ ,මහනුවර නගරය පේරාදෙණිය ,කඩුගන්නාව ,පිළිමතලාව  ගෙලිඔය යන ප්‍රසේශවල ඉන්ධන හල්  ඉදිරිපිට දිගු රථ වාහනපෝළිම්  දැකගත හැකි විය.

  • ජේ  ඒ  එල්  ජයසිංහ

 

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා Read Previous

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා

ජාතික රූපවාහිනි තරු දිලෙන අවුරුදු 2026 Read Next

ජාතික රූපවාහිනි තරු දිලෙන අවුරුදු 2026

Realted Post

Leave a comment