වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

මීගමුව බන්ධනාගාර සිදුවීම සම්බදන්යෙන් තමන් වගකීම බාරගන්නා බවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය. මෙහිදී විපක්‍ෂය පැවසුවේ වගකීම බාරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසටය. 

මිට පිළිතුරක් දෙමින් පැවසුවේ "මම විෂය බාර අමාත්‍යවරයා. බන්ධනාගාරය කියන්නේ මගේ යටතේ ඇති ආයතනයක්. එතන බරපතල ඛේදවාචකයක් ඇති වුණා. එවන් අවස්ථාවකදී විෂයභාර අමත්‍යවරයා වගකීම බාරගත යුතුයි.මොකද්ද වුණේ කියලා සොයා බැලිය යුතුයි. එවැනිම එම ප්‍රශ්නය විසදිය යුතුයි. සමහරු එය අර්ථකථනය කළා වගකීම බාරගන්නවා නම් ඉල්ලා අස් නොවන්නේ ඇයි කියලා. මේ මිනිස්සුන්ට ආණ්ඩුව ඉදිරියට ඇවිල්ලා වගකීම බාර අරගෙන ප්‍රශ්න විසදන්න මැදිහත්වෙන එක ගැන නිසි අවබෝධයක් නැහැ. වගකීම බාරගන්නේ මම වරදක් කළා කියලා නෙමෙයි. වගකීම බාරගෙන මේ ප්‍රශ්නේ විසදන්න මම මැදිහත් විය යුතුයි එය මගේ ආයතනයක් නිසා. ඒ අයුරිනුයි මම වගකීම ගන්නේ. එය මට බැහැර කරන්න බැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කිහිපයක්ම සිදුවන බවත් පූර්ණ විමර්ෂණයකින් පසුව ඉරිදියේදී සවිස්තරව සිදුවීම ගැන කිවහැකි බවද සැමට යුක්තිය එක ලෙසට ඉටු කරන බවද අමත්‍යවරයා පවසයි. නීතිය රැදවියන්ටත් බන්ධනාගාර නිලධාරීන්ටත් පොදු බවද රූපවාහිනී වැඩසටහනකට සම්බන්ද වෙමින් අමාත්‍යවරයා පැවසුවේය. 

එමෙන්ම මෙහිදී රැදවියන් විසින් මීගමුව බන්ධනාගාරයට සිදු කර ඇති විනාශය මිලියනගානක පාඩුවක් බවත් මේ වන විට සිදුව ඇති විනාශය ගණනය කිරීම් සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය. 

අශන්ති වරුණසූරිය

 

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක් Read Previous

වගකීම බාර ගන්නවා කියලා ඉල්ලා අස් නොවුණේ ඇයි ? ඇමතිගෙන් උත්තරයක්

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Next

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

Realted Post

Leave a comment