තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  ඊයේ (11) පැවති තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අවසන් මහා තරගය  ලකුණු 97කින් ජය ගැනීමට ඉන්දියානු කාන්තා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම් නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය. 

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 342ක් රැස්කර ගැනීමට සමත් විය. 

ඉන්දියාව වෙනුවෙන් අගනා පිතිකරණයක නිරතවූ Mandhana ලකුණු 116ක් ද, Deol ලකුණු 47ක් ද, Rodrigues ලකුණු 44ක් ද, Kaur ලකුණු 41ක් ද රැස්කර ගැනීමට සමත් විය. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මදාරා, විහංගා සහ කුමාරි අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියාය. 

ඒ අනුව ලකුණු 343 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 2ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 245ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 51ක් ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 48 ක් ද රැස්කර ගැනීමට සමත්විය.

පන්දු යැවීමේ දී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් Rana කඩුලු 4ක් ද, A. Kaur කඩුලු 3ක් ද බිඳ හෙළීමට සමත් විය. 

තරගාවලියේ වීරවරිය ලෙස Sneh Rana සම්මාන දිනාගත් අතර තරගයේ වීරවරිය ලෙස Smriti Mandhana සම්මාන දිනාගත්තාය.


සටහන :  දැහැමි ප්‍රනාන්දු

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ Read Next

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

Realted Post

Leave a comment