විනෝද ජනක නර්තන කලාව අපිට කොච්චර හොඳයිද?

සුම්බා කියන නර්තන ශෛලය මේ  වෙද්දි බොහෝ ජනප්‍රිය සිරුර හැඩ කරවන්න යොදාගන්නා ලෝකයේ පුරා වගේම මෙරට ද හිතා ජනප්‍රියව භාවිත කරන නර්තන ශෛලයක්. 
මොකක්ද? මේ සුම්බා කියන්නේ ඒ ගැන පුංචි විමසුමකි මේ. 


සුම්බා යනු, 


"වැරදීම් යනු නව සොයාගැනීම් දොරටුවක් වෙනවා. "

අයර්ලන්ත ජාතික නවකතාකරුවකු වගේම සාාහිත්‍ය විචාරකයෙක් වන ජේම්ස් ජොයිස් වරක් පවසා තිබෙනවා. 

සුම්බා නර්තන ශෛලය ද එලෙස අතපසු වීමකින් සොයා ගත් යෝග්‍යතා නර්තන ක්‍රමයක් .

සුම්බා යනු, මේ වනවිට ලෝකය පුරා වඩා ප්‍රසිද්ධියක් හිමිකරගත්  නර්තන ශෛලයක් වගේම වෙළඳ නාමයක් බවට ද පත් වී තිබෙනවා. 

මෙහි ආරම්භය ගැන කතා කිරීමේදී එහි නිර්මාතෘ වනුයේ කොලුම්බියානු නර්තන ශිල්පී බිටො පෙරෙස් නමැත්තායි. 

සුම්බා මෙතරම් ජනප්‍රිය වීමට හේතු. 


මෙය විනෝද ජනක නර්තන කලාවක් වගේම යෝග්‍යතා චර්යාවන් ලෙසද ප්‍රසිද්ධයි. 

මෙම නර්තන රටාව ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකියි. 

සුම්බා හෘදය ආශ්‍රිත ව්‍යායාමයක් වන බැවින් සිරුරට යහපත් ප්‍රතිලාභ බොහෝ ලැබෙනු ඇත. 

වෙනස්ම ව්‍ ව්‍යායාම රටාවක් වන අතර එහිදී සංගීත පියවර, චලන, ශක්ති මට්ටම හිතා ඉහළයි. 

සුම්බා ව්‍යායාම කා සදහාද යෝග්‍ය. 


නිරෝගී, සෞඛ්‍ය, සම්පන්න සුවෙන් සිටින ළමා වයසේ සිට තාරුණ්‍ය ,මැදි වයස දක්වා ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකි සුන්දරම නර්තන ව්‍යායාමයක්.

සතියකට දෙවරක් හෝ තුන් වරක් ව්‍යායාමයේ යෙදීම සුදුසුයි. 

නමුත් පුද්ගල යෝග්‍යතා මට්ටම අනුව මෙම වාර ගණන වෙනස් විය හැකියි.

සිරුරේ කැලරි දහනය, මනෝභාවය ගැන උනන්දු වන ඕනෑම කෙනෙකුට යෙදිය හැකි සරලම ආකර්ෂණය ව්‍යායාම ක්‍රමයක්. 
මෙය නර්තන ව්‍යායාමෙන් පිරි පුංචි සාදයක් වගේ. 

ඔබ එක් වරක් මේ සඳහා යොමු වුවහොත් නැවත නැවත මේ කරා ඇදී යාම නැවැත්විය නොහැකි තරම් ආකර්ෂණීය වගේම සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන අපූරු නර්තන ව්‍යායාම විශේෂයකි.

සටහන _මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම -

සුම්බා, ලතින් ඇමෙරිකානු සහා බෝල් රූම් උපදේශක,
ආචාර්ය නලින්ද ප්‍රසාද් සුබසිංහ. 

 

 

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු. Read Previous

මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

අවුරුද්දෙන් පසු පොදු ජන පෙරමුණ වැඩ අරඹයි. Read Next

අවුරුද්දෙන් පසු පොදු ජන පෙරමුණ වැඩ අරඹයි.

Realted Post

Leave a comment