ගෙදරදී හදන්න පුළුවන් පට්ට රස කොස් තෙම්පරාදුවක්

අවශ්‍ය වෙන දේවල්:

  • කොස් මදුළු 25ක් & කොස් ඇට කිහිපයක්
  • ලියාගත් රතු ළූණු ගෙඩි 12ක් & සුදු ළූණු බික් 6ක්
  • තලාගත් වියළි මිරිස් කරල් 10ක් & අමු මිරිස් කරල් 3ක්
  • කරපිංචා ඉත්තක්
  • තෙල් සහ ලුණු (අවශ්‍ය තරමට)

හදන විදිය හරිම ලේසියි:

ඇට අයින් කරපු කොස් මදුළුයි, සුද්ද කරපු කොස් ඇටයි බඳුනකට දාලා, ලුණුයි වතුරයි එකතු කරලා හොඳට තම්බගන්න.

ඊළඟට තාච්චියට තෙල් ටිකක් දාලා රත් වෙද්දී, සෝදාගත් වියළි මිරිස්, රතු ළූණු, සුදු ළූණු, අමු මිරිස් සහ කරපිංචා දාලා රන්වන් පාට වෙනකම් බැදගන්න.

දැන් ඒකට තම්බගත්ත කොස් ටික එකතු කරලා හොඳට කලවම් කරගත්තාම රසම රස කොස් තෙම්පරාදුව ලෑස්තියි!

 

සටහන - කසුනි විජේසිංහ

ගෙදරදී හදන්න පුළුවන් පට්ට රස කොස් තෙම්පරාදුවක් Read Previous

ගෙදරදී හදන්න පුළුවන් පට්ට රස කොස් තෙම්පරාදුවක්

2026 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය Read Next

2026 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය

Realted Post

Leave a comment