Chicken වෙනස් රහකට, වෙනස් හැඩයකින්

ලංකාවෙ විදියට සැරට හදන චිකන් මෙහෙම හදලා බලන්න. එකම විදියට කාපු චිකන් අනිත් රටවල හදන විදියට මෙහෙම හදමු.

සුදුළූණු චිකන් ස්ටර්ෆ්‍රයි

චර්මය ඉවත් කළ කුකුල් මස්, සුදුළූණු, ඉඟුරු සහ ගෝවා, කැප්සිකම්, සීනි මෑ වැනි එළවළු සමඟ සැහැල්ලුවෙන් බැද සෝයා සෝස් ස්වල්පයක් එක්කර සකස් කරන මෙම ආහාරය රසවත් මෙන්ම ඉහළ ප්‍රෝටීන් ප්‍රභවයක්.

චිකන්

ඔලිව්, තක්කාලි, සුදුළූණු, ළූණු සහ සුවඳ පැළෑටි සමඟ පිසින කුකුල් මස් ආහාර රටාවේ ජනප්‍රියම කෑමවලින් එකකි.

චිකන් ෆියෙස්ටා සලාදය

කුකුල් ම, කළු බෝංචි, බඩඉරිඟු, තක්කාලි සහ සලාද කොළ එකට එක්කර සාදන මෙම ආහාරය ප්‍රෝටීන් සහ තන්තු බහුලය.

වයිට් චිලි

කුකුල් මස්, බෙල් පෙපර්, බෝංචි සහ කුළුබඩු එකතු කර සකස් කරන මෙම ආහාරය අඩු මේද සහිත නමුත් රසයෙන් පිරිපුන්ය.

ග්‍රිල් චිකන් ෆජීටා සලාදය

ග්‍රිල් කළ කුකුල් මස්, සලාද කොළ සහ කැප්සිකම් සමඟ සකස් කරන අඩු කාබෝහයිඩ්‍රේට් ආහාරයකි.

සෞඛ්‍ය සම්පන්න ආහාරයක් යනු රසය නැති ආහාරයක් නොවේ. එළවළු, මාළු, කුකුල් මස්, බෝංචි වර්ග, ධාන්‍ය, ඔලිව් තෙල් සහ ස්වභාවික අමුද්‍රව්‍ය නිවැරදි ලෙස එකතු කරගැනීමෙන් ඔබට රසවත් මෙන්ම පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් සකස් කළ හැකිය. ආහාර පිසීමේදී ඔබට යෝග්‍ය වන අහාර ඔබට කැමති පරිදි වෙනස් කරමින් මෙම වට්ටෝරු ඔබට ගැලපෙන , යෝග්‍ය පැරිදි සකසා ගත හැකියි.

මේඝා චින්තාමණී  (allrecipes ඇසුරින්)  

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ? Read Next

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

Realted Post

Leave a comment