රස ගුණ වැඩි අඩු වියදමින් කට්ලට් - පරාටා

එකම රටාවට එකම කෑම වර්ග ටික මාරුවෙන් මාරුවට කන්න ගියාම කිසි පිරියක් නැහැ. විශේෂයෙන් පවතින ආර්ථික ගැටලූත් එක්ක සමහර වෙලාවට දරුවන්ට වුණත් පෝෂණය සපිරි කෑම වේලක් දෙන්න මවුපියන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා අද කෑම පිටුවෙන් මේ සූදානම ගෙදර තිබෙන, නිතර කෑමට ගැනෙන ආහාර වර්ග කිහිපයක් එකතු කරගෙන පෝෂණය පිරුණු වෙනස්ම කෑම වර්ග දෙකක් හදාගන්නයි. 

කට්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය

පතෝල ග‍්‍රෑම් 500 ක්
කෙසෙල් මුහ ග‍්‍රෑම් 500 ක්
කොහිල ග‍්‍රෑම් 500 ක්
අර්තාපල් ග‍්‍රෑම් 500 ක්
අමුමිරිස් කරල් 4 ක්
බී ලූනු ගෙඩි 2 ක්
හීනියට කැපූ කරපිංචා 
කෑලි මිරිස් කුඩු මේස හැඳි 01 ක් 
ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2 ක් 
කහකුඩු තේ හැඳි 1 ක්
රස අනුව ලුණු
පාන් කුඩු
බිත්තර
පිටි
පිරිසුදු පොල්තෙල්

සාදාගන්නා ආකාරය

පතෝල අඟල් දෙකක් පමණ ගනකමට රවුම් කපා මැද ඉවත් කර පසෙකින් තබාගන්න. භාජනයකට තෙල් දමා රත්කර එයට හීනියට කැපූ අමුමිරිස්, කරපිංචා, ලූනු දමා තෙම්පරාදු කර එයට මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, කහ හීනියට කැපූ කෙසෙල් මුහ සහ කොහිල දමා හොඳින් මිශ‍්‍රකර පිසගන්න. පසුව එයට තම්බා පොඩිකරගත් අල එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන්පසු අවශ්‍ය ප‍්‍රමාණයට ලූණු සහ ගම්මිරිස් එකතු කරන්න. දැන් සාදාගත් මිශ‍්‍රණය කපාගත් පතෝල රවුම් තුළට පුරවා පිටි හා බිත්තර මිශ‍්‍ර බැටරයේ දවටා පාන්කුඩුවල අතුරා ගැඹුරු තෙලේ බැදගන්න.

පරාටා 

අවශ්‍ය ද්‍රව්‍ය

ආටා පිටි කප් 2 ක්
තම්බා පොඩි කරගත් මුංඇට කප් 1/4 ක්
තම්බා පොඩි කරගත් අල කප් 1/4 ක්
සිහින්ව කැපූ ලූනු ගෙඩි 01 ක්
සිහින්ව කැපූ කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු වර්ග කිහිපයක්
සිහින්ව කැපූ අමුමිරිස් කරල් 3 ක් පමණ
මිරිස් කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
වියළා බැඳ කුඩු කරගත් හාල්මැස්සන් කුඩු 
තේ හැඳි 2 ක්

තන්තු වැඩියි මලබද්ධයට හොයි තෙලේ බැද්දත් ගුණ දෙන්න හදන විදිහ 

මෙම කට්ලට් එක තුළ පතෝල, කොහිල  හා  කෙසෙල්මුහ  යන එළවළු  වර්ග අඩංගු වේ. එනිසා මෙහි අප වෙනදා සාමාන්‍යයෙන් පිළියෙල කරන කට්ලට්වලට වඩා වැඩි  තන්තු ප‍්‍රමාණයක් පවතී. එළවළුවල පවතින මෙම තන්තු මලබද්ධය වළක්වා ගැනීමට වැදගත් වේ. එසේම මෙවැනි එළවළු වර්ග ආහාරයට එක්කර ගැනීම අධික රුධිර පීඩනය හා   දියවැඩියා  වැනි රෝගී තත්ත්ව පාලනයට  වැදගත්  වේ.  එනිසා අපගේ ආහාර මේසයට අනෙකුත් වෑංජන සමග  මෙවැනි ආහාරයක් එක් කරගැනීමෙන් කෑම වේලට වැඩි පෝෂණයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් කට්ලට් යනු ගැඹුරු තෙලේ බදින තෙල් අධික  ආහාරයක් බැවින් රුධිරගත අධික කොලෙස්ටරෝල්  මට්ටමක් ඇති අයට හා තරබාරු පුද්ගලයන් අඩුවෙන් ගත යුතු ආහාරයකි.     

 

ආටා පිටිවල  ශුද්ධ කළ තිරිඟු පිටිවලට වඩා  වැඩි තන්තු ප‍්‍රමාණයක් අඩංගු වේ. මෙම ආහාරයට මුං ඇට මිශ‍්‍ර කර ගැනීමෙන් මෙම පරාටාවල පවතින තන්තු ප‍්‍රමාණය තවත් වැඩි වේ. අද කාලයේ පාන්, බනිස්, රොටී  ආදී පිටි ගතිය අධික තන්තු අඩු ආහාර  වර්ගවලට හුරු වී සිටින, ඒ නිසාම දියවැඩියාව, අධික රුධිරගත කොලෙස්ටෙරෝල්  හා  අක්මාවේ අධික තෙල් පවතින බොහෝදෙනෙකුට මෙය ඉතා කදිම ආදේශකයකි.

සටහන - නයනා උදයංගනී

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Previous

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

ලග්න පලාඵල Read Next

ලග්න පලාඵල

Realted Post

Leave a comment