ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

සියල්ලට වඩා දරුවන් වටී යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වේ 

ලෝක ළමා දිනය නිමිත්තෙන් සංවිධානය කර ඇති ජාතික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

ළමුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇතැයි  ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය   .

, දරුවන්ට නිදහසේ සහ සුරක්ෂිතව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, දරුවන් හිංසනයට සහ කෘරත්වයට ලක්වීම පාලනය කිරීම සඳහා නව නීති හදුන්වාදීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, ලෝක ළමා දිනය නිමිත්තෙන් අද දිනය තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලු උද්‍යාන නොමිලේ නැරඹීමට දරුවන්ට අවස්ථාව ලබා දී ඇත.

ඇගේ බර අනුව ඇති වන ලෙඩ Read Previous

ඇගේ බර අනුව ඇති වන ලෙඩ

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment