අවුරුදු සිරියේ උණුසුම තාම අවසන් නෑ.


 මෙවර අවුරුදු සිරියත් එක්ක  සිරිකත හැඩ කරන්න ඔබ ආදරය කරන රංගන තරු තුන්කට්ටුවක් පිත් සමඟ එකතු වෙනවා.

 

 

ධනුෂ්ක සම්පත්


ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ‘රන්දිකගේ’ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඉතාම කෙටි කාලයක් තුළ ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වය දිනාගත් ධනුෂ්කගේ අවුරුද්ද ගෙවුණේ කොහොමද කියලා අහලා බලමු.
අවුරුද්ද හරිම ආදරණීයව ගෙවිලා ගියා. කලා තරු එක්ක අවුරුද්ද හැඩ කරන්න මටත් අවස්ථාවක් ලැබුණා.


■ මේ දවස්වල මොනවද අලුත් කලා කටයුතු?
ඉස්කෝලේ ටෙලි නාට්‍යයට අමතරව තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකකට දායක වෙලා ඉන්නවා.

 


■ ධනුෂ්කගේ ජීවිතේ වෙනස් වෙන්නේ ඉස්කෝලේ ටෙලි නාට්‍යයෙන්ද? 
ඇත්තටම ඔව්. නළු හීනය සැබෑ කරගන්න මම අවුරුදු ගානක් කට්ට කෑවා. මම නළුවෙක් වෙනවට හැබැයි අම්මයි තාත්තයි නම් කැමැති වුණේම නැහැ. පුංචි පුංචි වැඩ කරලා අත්දැකීම් අරගෙන දුෂ්කරතා විඳගෙන තමයි මේ ගමන ආවේ.

 


■ ධනුෂ්කට රංගනයට අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම පෙනුම නිසාද?
ඇත්තටම මුලින්ම අවස්ථාව ලැබුනේ පෙනුමට. පෙනුමත් එක්කම හැකියාවයි දක්ෂතාවයි තිබුණ නිසා අවස්ථාව ලැබුණෙ. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රන්දික කියන්නේ මගේ ජීවිතේම වෙනස් කරපු චරිතයක්.
මේ ගමන එන්න මට උදව් කළේ අපේ ගමේම නාලක කියලා අයියා කෙනෙක්. නාලක අයියා හරහා මට මියුසික් වීඩියෝ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මියුසික් වීඩියෝ වලට දායක වුණාට ලංකාවේ ප්‍රධාන නාලිකාවක ජනප5ිය ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය ලැබේවි කියලා මම හීනෙන් වත් හිතුවේ නැහැ.

 


■ මොනවද අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු?
සිනමාවට දායක වෙන්න ලොකු හීනයක් තිබුණා. සිනමාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේ ඒ කටයුතු ආරම්භ වීමට නියමිව තියෙනවා.

 


■ මේ වෙනකොට ධනුෂ්කට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ?
ඉස්කෝලේ දැන් කොටස් 500ට වඩා විකාහය වෙලා තියෙනවා. ඇත්තටම මුලදී වඩා රන්දිකගේ චරිතය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දැන් ලැබෙනවා. පළමු වතාවට කලාවට ඇවිත් කෙටි කාලයක් තුළ පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතරට නොමිනේට් වෙලා තිබුණා. ඒ ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි.

 


■ පවුලේ තොරතුරු මතක් කරමු.
පවුලේ ඉන්නේ අම්මායි, තාත්තායි, නංගියි, මල්ලිලා දෙන්නයි. මගේ ගම රත්නපුරය. කලා කටයුතු වලට අමතරව මැණික් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

 


 
ඩිලුෂි හංසිකා-

හැමදාම ලස්සන සිනහවකින් ප්‍රේක්ෂකාගාරය වශී කරවන ඇය සැලෙන නුවන් ටෙලි නාට්‍ය හරහා අපට මුණ ගැහෙන සුන්දර යුවතියක්.


■ ඉතින් කොහොමද අවුරුද්ද?
අවුරුද්ද හොඳයි. මේ පාර අවුරුද්ද හරිම විශේෂයි මොකද මේ පාර අවුරුද්ද සැමරුවේ මගේ අම්මගේ රඹුක්කන ගමේ. 
පවුලේ සාමාජිකයෝ 70 ක් විතර පළමු වතාවට තමයි එකවර එකතු වුණේ.

 


■ මේ දවස් වල කොහොමද කලා කටයුතු?
සැලෙන නුවන් ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව අලුත් වැඩ නම් මුකුත් නැහැ මේ දවස් වල වෙනත් නාලිකාවක ටෙලි  නාට්‍යයක රූගත කිරිම් කරගෙන යනවා.

 


■ මොනවද අලුත් අවුරුද්දේ බලාපොරොත්තු
අලුත් ව්‍යාපාරයකට අත ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දවස් වල ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්නේ.

 


■ දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද?
උපාධි කටයුතු අවසන් කරලා ඉන්නේ. වෘත්තිය විදිහට මම කලාව තමයි කරගෙන ආවේ. දැන් උපාධිය අවසන් නිසා අධ්‍යාපනය පැත්තෙන් ඒ සුදුසුකම් වලට සුදුසු වෘත්තියක් කරන්න කියලා කියලා අම්මලා බල කරනවා. කලාව කියන්නේ ඇත්තටම තාවකාලික දෙයක්. වෘත්තිය පැත්තෙන් ඉදිරියේදී වෙනත් වෘත්තියකට පිවිසෙන්න ඔළුව හදාගෙන යනවා.

 

 

නිපුනි සමරක්කොඩි


කලාවට අලුත් මුහුණුවරක් ලෙස එකතු වෙන ඇය නිපුනි සමරක්කොඩි රාජනී ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ටෙලිප්‍රේක්ෂකාගාරයට සමිප වන නවක රංගන ශිල්පිනියක්. ඇය වෙනුවෙනුයි මේ ඉඩකඩ.


■ අවුරුදු සරුයිද?
මේ සිංහල අවුරුද්දත් ගත වුණේ රෝහලේ. රැකියා ස්ථානයේ.

 


■ රාජිනි ටෙලි නාට්‍ය එක්ක කොහොමද ලැබෙන ප්‍රතිචාර?
රාජිනි ටෙලිනාට්‍යයේ නෙත්මි කියන චරිතය තමයි මම පණ පොවන්නේ. නෙත්මිට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇත්තටම නෙත්මි කියන්නේ දුෂ්ඨ පෙම්වතියක්. ඒ නිසා ගොඩාක් දෙනා නෙත්මිට හරියට බනිනවා. මුලදී නම් මටත් ඒ චරිතය ටිකක් අභියෝගයක් වුණා. සැබෑ ජීවිතේ මම නපුරු කනෙක් නොවෙයි. කටකාරකම්  තියෙනවා. හැබැයි නපුරු නැහැ.

 


■ නිපුනිගේ මුල්ම රංගනය රාජිනී ටෙලි නාට්‍යයද?
නැහැ. මම පාසල්  කාලේ ඉඳලාම තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මුලින්ම රංගනයට අවතීරණ වෙද්දී මට අවුරුදු 15 යි. මුලින්ම රංගනයට දායක වෙන්නේ සමීර හසුන් අධ්‍යක්ෂණය කරපු මීදුම් අම්මා කියන ටෙලි නාට්‍යයෙන්. ඉට පස්සේ නිර්මාණය කිපයකටම සම්බන්ධ වුණා. පසුව තමයි තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කර ‘රාජිණී’ වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ.

 


■ ඔබ වාත්තියෙන්ම රංගන ශිල්පිණියක්ද?
නැහැ. මම උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර සෞඛ්‍ය කාර්ය සහායක වරියක් ලෙස සේවය කරනවා. ඒ අතරතුර තමයි කලා කටයුතු වලට දායක වෙන්න. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානියාගේ පටන් සියලු දෙනා කලා කටයුතු වලට දායක වෙන්න මට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

 


■ පවුලේ තොරතුරු
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි පවුලේ ඉන්නේ. මගේ පාසල ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලය පාසල තමයි මගේ කලා ගමනට ලොකු පන්නරයක් වුණේ.

නදීශා අතුකෝරාළ
ඡායාරූප: සජීව ලක්ෂාන්

 

සෝමසිරි මැදගෙදර Read Previous

සෝමසිරි මැදගෙදර

සෝමසිරි මැදගෙදර Read Next

සෝමසිරි මැදගෙදර

Realted Post

Niranjani Shanmugaraja

Niranjani Shanmugaraja

Pushpika de silva

Pushpika de silva

Happy new year - 2024

Happy new year - 2024

Leave a comment