සොබාදහමේ අපූර්වත්වය නොසඟවන කන්නෙලිය

සොබා දහම කියන්නේ අපිට අපූරුතම අත් දැකීම්,අමතක නොවන සුන්දර මතක එකතු කර ගන්න තියෙන හොදම තෝ තැන්නයි.දිය පහරවල් ගලා බසින හඩ,කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ,සිත මොහොතකට අතරමන් කරන ගස්,වැල් වල තියෙන සුන්දරත්වය අපේ සිතට ගෙන එන්නේ කොයි  තරම්  නම් සුවයක්ද, මොහොතකට හරි ඒ සුවය විද ගන්න තියෙනවා නම් කොච්ච්ර  අපූරුද?හැමදාමත් වගේ අපි මෙවරත් ඔබට රැගෙන ආවේ එවන් වූ  අපූරූතම ස්ථානයක් ගැන තොරතුරුයි.

ජෛව විවිධත්වයෙන් අනූන රක්ශිතයක් වුනු කන්නෙලිය රක්ශිතය කියන්නේ ට්‍රැවල් කරන ඔබේ ගමනාන්තයන්ට එක් විය යුතුම ස්ථානයක්.ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන මෙම රක්ශිතයට ඔබ යනවා නම්  ගාල්ල පින්න දූව අධිවේගී පිවිසුමෙන් පැමින ගාල්ල- උඩුගම මාර්ගය ඔස්සේ උඩුගම නගරයට එන්න.

එතැන් සිට උඩුගම -තවලම මාර්ගය හරහා පනංගල කෝරලේ ගම ප්‍රදේශය ඔස්සේ කන්නෙලිය වන රක්ශිතයට ඔබට ලගා විය හැකිය . හෙක්ටයාර් 6,114ක් පුරාවට පැතිරී තිබෙන මෙම රක්ශිතය තුල ආවේනික ශාක  විශාල ප්‍රමානයක් දැක බලා ගන්න පුලුවන්.සත්ව වර්ග 220 කටත් වඩා අධික ප්‍රමානයක් ජීවත් වන මෙම පරිසර පද්ධතියට වසරෙන් වැඩි කාලයක් වර්ශාපතනයට ලක් වෙයි. ඖශධීය ශාක 100 කට වැඩියෙන් හමු වන මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද හදුන්වයි.මෙහි සංචාරයේ යෙදන ඔබට වන රක්ශිතය පමනක් නොව එහි තිබෙන නාරංගස් දිය ඇල්ල,අනගිමල දිය ඇල්ල ,යෝධ පුස් වැල,කම්බලේ කන්ද වගේ ඉසව් කිහිපයක්ම දැක බලා ගන්න පුලුවන්. මේ අතරින් සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනා  ගෙන තිබෙන අනගි මල දිය ඇල්ල සුවිශේශි වේ . ඒ එම දිය ඇල්ල වටා ගෙතී තිබෙන ජනප්‍රවාද නිසයි. 

මෙයට අනගි මල දිය ඇල්ල ලෙස නම ලැබී තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ජිවත් වූ අනගි නම් ගැහැනු ලමයෙකු තම පෙම්වතා සමග සිදු වූ විරසකයක් හේතූ කරගෙන ඇය මෙම  දිය ඇල්ලට පැන සිය දිවි නසා ගැනීම හේතුවෙන් මෙම නම ලැබී තිබෙන බව ගම්මුන්  පවසයි. එය වර්තමානය වනවිට “අනගිමලේ දිය ඇල්ල’’ලෙස ද උච්චාරනය කරයි.කෙසේ වෙතත් නරබන්නන්ට අපුරූ දර්ශනයක් පාමීන් මෙය මහල් ආකරයට ගලා බසියි.
 විශාල සංචාරක ආකර්ශනයක් හිමි කරගෙන තිබෙන කන්නෙලිය වනාන්තරය  ආශ්‍රිත ඉසව්  ඔබ නරබන්න යනවා නම් වන රක්ශන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නිසා ඔවුන් ලබා දෙන ප්‍රවේශ පත්‍රයක් රැගෙන ගමන ආරම්භ කරනවා නම් වඩාත් හොදයි.මෙම පරිසර පද්ධතිය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන නිසාත් ලංකාවටම ආවේනික වූ පරිසර පද්ධතියක් හා එය නිවර්තන වැසි වනාන්තරයක් වීම නිසාම සංචාරය සදහා මෙහි යන ඔබ වඩාත් පරිස්සම් විය යුතුයි.මන්ද එය අපට පමනක් නොව මුලු ලෝකයටම වටින දයාදයක් නිසයි.ඔබ සංචාරය සදහා ගෙන යන කැම,බීම සහා ඔබ රැගෙන යන කසල, අපද්‍රව්‍ය එහි නොදමා  පිය සටහන් පමනක් තබා එන්න වග බලා ගත යුතුය.

 

සටහන

මහේෂානි මීගහපොල
විශේෂ ස්තුතිය
තරින්දි අබේසිංහ
සංචාරක සහ සංචාරක  සේවා සත්කාර විෂය භාර ආචාරණී 

Crimson Elegance Rukshana Read Previous

Crimson Elegance Rukshana

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Next

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

Realted Post

Leave a comment