Calf of Man : අතුරුදන් කුඩා දූපත

මෑන් දූපතේ නිරිතදිග වෙරළට මදක් ඔබ්බෙන් පිහිටා ඇති Calf of Man බ්‍රිතාන්‍ය දූපත්වල වඩාත්ම දුරස්ථ හා නොපෙනෙන ස්ථානයකි. 

මෙම කුඩා, රළු දූපත ළඟා වීමට අපහසු සහ ස්වාභාවික සුන්දරත්වයෙන් පිරී ඇත.


දූපතේ කෙළවරට යමුද?  

මෙහි ගමන් කිරීම පහසු දෙයක් නොවේ. එය ප්‍රධාන භූමියේ සිට සැතපුම් භාගයකටත් අඩු දුරකින් පිහිටා තිබුණද, වඩදිය බාදිය සඳහා ප්‍රසිද්ධ කැරකෙන සමුද්‍ර සන්ධියක් වන කැල්ෆ් සවුන්ඩ් තරණය කිරීම ඉතාමත් අපහසුයි. 

බොහෝ විට ඒ ක්‍රියාවලිය අපේ ඉවසීම පරීක්ෂා කරනවා.  

සුළි කුණාටු සහ වේගයෙන් වෙනස් වන කාලගුණය හේතුවෙන් සති ගණනක් දිවයිනට සම්පූර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක්ද මෙම දූපතට ඔයා ගියොත් දැක ගන්නට පුළුවන්. 

මෙම දූපතට යන මුහුදු සීමාවේදී එම ප්‍රදේශයේ මුහුදට යටින් පැරණි නැව්වල නටබුන්ද දැකගැනීමට පුළුවන් බවයි බීබීසී වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. 

ලිවර්පූල් බ්‍රිග් එකක්, ග්ලාස්ගෝ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්, ප්‍රංශ පාසල් යාත්‍රාවක් එම නටඹුන් අතර දැකගන්නට ලැබෙනවා. 

ඒ තුළින් එහි ගමන් කිරීමේ අවධානමද ඒ තුළින් අපට හඳුනා ගන්නට පුළුවන්. 

Calf of Man යනු අද්විතීය , ලස්සන ස්ථානයක්. 

එහි හුදකලාවෙන් ඔබ්බට, Calf of Man යනු වනජීවීන්ට සහ පරිකල්පනය සඳහා අභයභූමියක්. 

අද වන විට එය බොහෝ දුරට ජනාවාස වී නොමැත,

නමුත් කිව හැක්කේ සෑම සංචාරයක්ම එක්තරා ආකාරයක වන්දනා ගමනකි. 

මෙම ස්ථානය පුරාණ හා නිරන්තරයෙන් වෙනස් වන ස්ථානයක් දැකීමට අවස්ථාවක් සංචාරකයින්ට උදා කරනවා. 


කසුනි විජේසිංහ

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක් Read Previous

දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Next

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

Realted Post

Leave a comment